TOP POSTS

PUBLIC RELATION AND MEDIA MANAGEMENT | GENERAL SUBJECTS

   




මහජන සම්බන්ධතාව හැදින්වීම

ජනසන්නිවේදන අධ්‍යයනයමාධ්‍ය අධ්‍යයනයසන්නිවේදන අධ්‍යනය යන විෂය ක්ෂේත්‍ර තුළ ඉතා වෘත්තීමය,ප්‍රායෝගික වැදගත්කමක් ගනු ලබන සන්නිවේදන ක්ෂේත්‍රයක් ලෙස මහජන සම්බන්ධතාව යන ක්ෂේත්‍රය හදුන්වා දිය හැක. මේ පිළිබදව වඩා ශාස්ත්‍රිය අර්ථ විග්‍රහයක් සපයන්නනේ නම්යම් සමාගමක්නිෂ්පාදනයක් හෝ පුද්ගලයෙක් ඒ පිළිබදව හොද හිත (Good – Will), එසේ නැතිනම් අවබෝධය සහ මහජන ප්‍රතිරෑපය (Public Image) ඇති කරනු ලබන ක්‍රියාමාර්ගය මහජන සම්බන්ධතාව වශයෙන් හදුන්වාදිය හැක.

එඩ්වර්ඩ් බර්නීස් (Edward Bernays) මහජන සම්බන්ධතාව හදුන්වා දී ඇත්තේ මූලික කරැණු තුනක් පිළිබදව අවධාරණය කරමිනි.

  •  එනම් මහජනතාව දැනුවත් කිරීම
  •  මහජනතාව ප්‍රලෝහනය කිරීම
  • මහජනතාව ඔවුනොවුන් සමග එකිනෙකට අන්තර් ක්‍රියාකාරී කරවීම

යන මූලික කරැණු තුන බර්නිස් දක්වන අකාරයට මහජන සම්බන්ධතාව හදුන්වා දීමේ මූලික නිර්වචනයකි.

ඔහු දක්වන අකාරයට මහජන සම්බන්ධතාවේ නිසි අන්තර්ගතය ඇතුළත් මෙකී මූලික ලක්ෂණ තුන මානව සමාජයේ ඉතිහාසය තරම් ඈතට දිවයන්නකි.(1961) 

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි මහජන සම්බන්ධතා පිළිබදව ආයතනය (Public Relation Society Of America) විසින් දක්වන ආකාරයට.

මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක්එහි මහාජනතාව සමග අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීම සහ එය පවත්වාගෙන යාම සදහා හිතාමතාම ඕනෑකමින් ම සංවිධානය කරනු ලබන මෙන් ම පවත්වාගනු ලබන උත්සහය වශයෙනි

මේ සදහා විෂය ක්ෂේත්‍ර ගණනාවකදැනුුම ඒකරාශී ව ගොඩනැගී ඇති අකාරය පැහැදිලි කර දෙන හර්බට් එම්.බෝස් (Herbert M.Baus)

මහජන සම්බන්ධතාව යනු දර්ශනයසමාජ විද්‍යාවආර්ථික විද්‍යාවභාෂාවමනෝ විද්‍යාවජනමාධ්‍යවේදයසන්නිවේදනය සහ වෙනත් විෂය ක්ෂේත්‍ර ගණනාවක සංකලනය ඔස්සේ මානව අවබෝධය සදහා වන ක්‍රමවේදයක් ලෙස සැකසී ඇති ආකාරය පැහැදිලි කැ ඇත

යහපත් හදවතක් තුළින් ගොඩනැගෙන මානව විශිෂ්ඨත්වය මහජන සම්බන්ධතාව පිඩු කොට දැක්විය හැකි වාක්‍යක් ලෙස චාල්ස් ප්ලැකාඩ් (Charles Plackard) සදහන් කරයි

සතුටුදායක මතයක් ගොඩනැගීමෙහි ලා හේතුවන සියලු ම විෂය කරැණු මහජන සම්බන්ධතාව වන බව ඇමරිකානු මහජන සම්බන්ධතා සංවිධානයේ හිටපු සභාපතිවන ජෝජ් එෆ්. මෙරඩිත් (George F. Meredith) දක්වා ඇත

යම් සංවිධානයක සුපරික්ෂාකාරී අවධානයකින් යුතුව හොදහිත ගොඩනැගීමෙහි ලා යොදා ගනු ලබන ඕනෑම ව්‍යාපාරික හෝ වෙනයම් කළමනාකරණ කෘතයයක් මහජන සම්බන්ධතාව වන බව ජෝජ් ඩබ්. හිල් (John w.Hill) සදහන් කරයි

හොද කාර්යසාධයකයක් ප්‍රසිද්ධියට පත්වන්නේ ප්‍රමාණවත් ආකාරයෙන් එය සන්නිවේදනය වූ විට පමණකි.එය මහජන සම්බන්ධතාව වශයෙන් ෆොචූන් (Fortune) සගරාව දක්වා ඇත

රෙක්ස් එෆ්.හාලෝ (Rex F. Haelow) මහජන සම්බන්ධතාව සහ එහි අන්තර්ගතය පිළිබද පුළුල් විග්‍රහයක් සපයා ඇත.

මහජන සම්බන්ධතාව යනු සුවිශේෂි කළමනාකරණ කෘත්‍යයකි. එමගින් සංවිධානයක සහ ඒ හා බැදී සිටින මහජනතාව අතර සන්නිවේදනයඅවබෝධයපිළිගැනීම සහ සහයෝගය අන්‍යෝන්‍ය වශයෙන් ඇති කිරීමටත්එය පවත්වාගෙන යාමටත් හැකියාව ලැබේ. එහි දී විවිධ ගැටළු සහ තත්වයන් කළමණාකරණය කිරීම මෙහිදී සිදු වේ.මේ තුළ මහජන මතයට වගවීමටත්එය දැනුවත් කිරීමටත් හැකියාවක් ලැබේ. මෙහි දී කළමනාකරණය පිළිබද වගවීම නිර්වචනය කිරීමටත්එය අවධාරණය කිරීමත් ඔස්සේ මහජන කැමැත්ත ආරක්ෂා කරගනිමින් එය පවත්වාගන යාමට හැකියාව ලැබේ. මේ අනුව කළමනාකරණයට කාලානුරෑපීව වෙනස්වීමටත්,අනෙකුත් අංශ සමග උරෙන් අර ගැටී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ. ඒ අනුවවෙනස්කම් ඇතිකිරීමෙන් සමකාලීනව උද්ගතවන ප්‍රවණතා ඉදිරියේ දී ඒවාට කල් ඇතිව මුහුණදීමටත්එම අභියෝග ජයගැනීමටත් ඇකි වේ.මේ සදහා මුලික මෙවලමක් ලෙස පර්යේෂණ භාවිතා කිරීමත්ප්‍රබල ආකාරයෙන් මෙන් ම වඩා ආචාරවිද්‍යාත්මක ලෙස සන්නිවේදන භාවිතා කිරීමත් අත්‍යවශ්‍ය ය.(1976) ”

රෙක්ස් හාලෝ ඉහත නිර්වචන ඉදිරිපත් කර ඇත්තේ ඒ වන විට මහජන සම්බන්ධතාව තුළ පැවැති නිර්වචන 472 ක් පමණ විමසුමට ලක්කිරීමෙනි.මේ නිසා ඉහත නිර්වචන තුළ නිර්වචනයන් ගණනාවක් අන්තර්ගතව පවතී.එමගින් මහජන සම්බන්ධතාව යනු කුමක්දයන්න පැහැදිලි කරනවාට වඩා මහජන සම්බන්ධතාව ක්‍රියාත්මක වන අකාරය පැහැදිලි කර ඇත. යම් ව්‍යාපාරික ආයතනයක හෝ ආදායම් නොලබන සුබසාධන සංවිධානයක හෝ සමාජ ප්‍රතිරෑපය (මහජන ප්‍රතිරෑපය) පවත්වාගෙන යාම විෂය වන අධ්‍යයන ක්ෂේත්‍රය මහජන සම්බන්ධතාව ලෙස හදුනාගත හැක.

1978 අගෝස්තු මස මැක්සිකෝ නගරයේ පැවැති මහජන සම්බන්ධතා සංවිධානයන්ගේ ප්‍රථම ලෝක රැස්වීමේ දී මහජන සම්බන්ධතාව පිළිබදව අගනා නිර්වචනයක් සපයා ඇත.එනම්,

මහජන සම්බන්ධතාව යනු සංවිධානයක් සහ ඒ කෙරෙහි හේතු වන මහජන කැමැත්ත යන අංශ දෙකම ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යාමට හේතුවන ආකාරයෙන් සැලසුම් කළ ක්‍රියාකාරී වැඩසටහන් දියත් කිරීම සදහා සංවිධානවල නායකයින්ට උපායමාර්ගිකව උපදෙස් අනුශාසනා ඉදිරපත් කිරීම,සමකාලීනව ඉස්මතුවන ප්‍රවණතා විශ්ලේෂණය කිරීම සහ ඒවායෙහි ප්‍රතිවිපාක පිළබද පූර්වයෙන් ම අනාවැකි ඵල කිරීම යන එක් එක් අංශයන් ඇතුළත්වන කලාව සහ සමාජීය විද්‍යාවයි

මෙම නිර්වචන තුළ දක්වා ඇති පරිදි කලාවක් මෙන් ම සමාජීය විද්‍යාවක් ලෙස මහජන සම්බන්ධතාව පැහැදිලි කර ඇත්තේඑය විද්‍යාත්මක පදනමක් සහිතමැනීමට හැකියාවක් ඇති සන්නිවේදනාත්මක අතින් අතිශය නිර්මාණශීලි කතිකාවක් (Scientific, Measurable and Creative Discourse) ඇති විෂය ක්ෂේත්‍රයක් වන බැවිනි.

ඇමරිකා එක්සත් ජනපදය තුළ මහජන සම්බන්ධතාව වඩාත් සමාජීය විද්‍යාවක් ලෙස දක්වා ඇති අතරඑක්සත් රාජධානිය තුළ එය මාධ්‍ය හා සම්බන්ධව පවතින කළමනාකරණ කෘත්‍යයක් ලෙස විග්‍රහ කරනු ලැබ තිබේ. මහජන සම්බන්ධතාව බොහෝ විට ව්‍යාපාර අධ්‍යයන විෂය ක්ෂේත්‍රයක් ලෙස ඉගැන්වෙනු ලැබේ. මහා බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතාව පිළිබද වරලත් ආයතනය (Chatered Institute of Public Relations) දක්වා ඇති අකාරයට ජනමාධය හා ජනමාධ්‍යවේදය හදාරන විද්‍යස්ථාන වැඩිමනක් ප්‍රමාණයකින් මහජන සම්බන්ධතාව හැදෑරීම සදහා අවධානය යොමු කර තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි.(2003) මෙම ආයතනය මගින් 1987 දී මහජන සම්බන්ධතාව පිළිබද පහත නිර්වචන ඉදිරිපත් කර තිබේ.

සංවිධානයක ඒ හා බැදී පවතින මහජනතාව අතර හොදහිත සහ අවබෝධය ඇති කිරීම සහ එය පවත්වාගෙනයාම සදහා ගනු ලබන සැලසුම් සහගත මෙන් ම තිරසර උත්සහයන් මහජන සම්බන්ධතාව නමින් නිර්වචනය කළ හැක” 

මෙහි දැක්වෙන අකාරයට සැලසුම්සහගත සහ තිරසාර යන සුවිශේෂි වදන් මගින් කියාපාන්නේ ඉහත දක්වන ලද සම්බන්ධතාව හුදෙක් නිරායාස හෝ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් නොවන එකක් බවයි. තව ද එය ප්‍රතිෂ්ඨාපනය කළ යුතු මෙන් ම පවත්වාගෙන යා යුතු ක්‍රියාවලියකි. මහජන සම්බන්ධතාව ගොඩනැගීම සදහා සෑහෙන කාලයක් ගත වේ.එය එකිනෙකට සම්බන්ධ වන සිද්ධි දාමයක ක්‍රියාවලියකි. එහි අරමුණ හුදෙක් ජනප්‍රියතාව හෝ කැමැත්ත ඇති කිරීම පමණක් නොවේ. නමුත් වඩා ප්‍රශස්ත මට්ටමේ හොද හිතක් මෙන් ම අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකිරීම මෙහි අරමුණය.

ඇතැමෙක් මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක් ප්‍රචාරණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමක් ලෙස සලකති. ඇතැම් මහජන සම්බන්ධතා ක්‍රියාවන් මගින් සිදුකරන්නේ ආයතනයක් පිළිබදව මහජනතාව තුළ පවතින දැක්ම වඩා නිරවද්‍ය කිරීමකි. මහජන සම්බන්දතාව යනු හැමවිට ම මහජනතාව සමග ගනුදෙනු කරනු ලබන දෙයක් නොවේ.බොහෝ විට ජන කණ්ඩායම් සමග කටයුතු කිරීමට මෙහි දී සිදු වේ. ඒ අය ඇතැම්විට පාරිභෝගිකයන් හෝ සේවාදායකයන් හෝ නොවේ. ඒ අය සැපයුම්කරැවන්රැකියාලාභීන්සමාජිකයන්දේශීය හා විදේශීය වෙළද සහ දේශපාලන ආයතනකණ්ඩායම් හෝ මහජන කොටස් වශයෙන් විවිධාකාරයෙන් සකස් වේ.මොවුන් එකිනෙකට වෙනස් ආකාරයේ තොරතුරැ අවශ්‍යතාවන් මෙන් ම ආයතනයක් පිළිබද විවිධාකාරයේ ඇගයීම් තත්වයන් ඇති කරනු ලැබේ. මෙම එකිනෙකට විවිධ වූ වෙනස්කම් පිළිබද ඇති දැනුවත්කම සහ අවබෝධය මහජන සම්බන්ධතාව පිළිබද ඇති මූලිකඅවශයක කුසලතාවයක් ලෙස සලකනු ලැබේ.

මහජන සම්බන්ධතාව පිළිබද ඉදිරිපත්ව ඇති නිර්වචන විමසීමෙන් ඒවා සාරාංශගත කරන පිලිප් කිචන් (Philip Kitchen), එය පහත පරිදි දක්වා තිබේ.(1997)


මහජන සම්බන්ධතාව යනු

  • කළමනාකරණ කෘත්‍යයකි
  • අරමුණු සහ ක්‍රියාකාරකම් විශාල ප්‍රමානයක් පුළුල් ආකාරයෙන් ප්‍රායෝගිකව ම ආවරණය කරනු  ලබන්නකි
  • ද්විපාර්ශවික හෝ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ
  • ව්‍යාපාරයක් හෝ සමාගමක් වෙත රැදී පවතින මහජනතාව පමණක් එක ම අවශ්‍යතාව නොවී විශාල ප්‍රමාණයක අවශ්‍යතාවන් සහ අරමුණු අන්තර්ගත වන්නකි
  • පවත්වනු ලබන අන්තර්සම්බන්ධතාවන් කෙටිකාලීන ඒවාට වඩා දිගුකාලීන සම්බන්ධාතාවක් ලෙස සලකනු ලබන්නකි

 

පහත සදහන් අකාරයේ අනෙකුත් හැදින්වීම් ද සම්බන්ධතාව පිළිබද ඇති විවිධ නිර්වචන මගින් ඉදිරිපත්වන බව විල් කොක්ස් යන අය (Dennis L. Wilcox et al, 2003) දක්වා තිබේ.

මහජන සම්බන්ධතාව යනු

  •  අහඹු එසේ නැතිනම් ඕනෑවට එපාවට ක්‍රියාත්මක කරන දෙයක් නොවහිතාමතා මඅභිප්‍රායිකව  අරමුණු කොටගෙන ක්‍රියාත්මක කරන මෙයකි
  • සැලසුම් සහගතසංවිධානාත්මක දෙයකි. කෙටි කාලීන වූවක් නොවේ
  • සංවිධානයක නියත කාර්යසාධකයක් නොමැතිව මහජන සම්බන්ධතාව සාර්ථක කරගත නොහැක
  • සංවිධානයට මෙන් ම මහජනතානට ද එක සේ වාසිසහගත තත්වයන් උදාකරනු ලබන මහජන කැමැත්ත අගය කරනු ලබන දෙයකි

 නෙස්මාන් (Nessman) මහජන සම්බන්ධතාවයේ කේන්ද්‍රීය ලක්ෂණ පහත පරිදි දක්වා තිබේ.

  • විශ්වසනීයත්වය ඇතිකරගනිමින් එය බලපවත්වාගෙන යාම
  • අවධානය යොමුකරලීම
  • සන්නිවේදනය සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇති කරගනිමින් එය පවත්වාගෙන යාම
  • රැචිකත්වයන් හා අවශ්‍යතාවන්ට ගැළපෙන අකාරයට සකස් කරගැනීම සහ ඒවා නියෝජනය කරන පරිදි හැඩගස්වා ගැනීම
  •  මහජන මතය කෙරෙහි බලපෑම් කිරීමට හැකිවීම
  • ගැටුම් විසදාලීම
  •      සම්මුතීන්ට පැමිණීම සහ සම්මුතීන් සකස් කිරීම

 

පුද්ගල අන්තර් සම්බන්ධතා සහ මහජන සම්බන්ධතා අතර සමානතා විස්තර කරන ලදී. ලී ටෑන්ග් (L’Etang) මෙම දෙයංශයෙන් ම මූලික කෘත්‍යයන් තුනක් සිදුකරන බව දක්වයි.(1996)

  • නියෝජනාත්මක කෘත්‍යය (සිත් ගන්නා සුළු අකාරයෙන් කතාව හෝ බස හැසිරවීමකතාවේ ව්‍යක්තභාවයයම් අදහසක්විශ්වාසයක් හෝ ක්‍රියාවක් සදහා මහජන සහය ලබාගැනීම)
  • සංවාදමය කෘත්‍යය (බාධා ඉක්මවීමට සාකච්ඡා මාර්ගයෙන් මං සොයාගැනීමසාමය ඇති කිරීම) මහජන සම්බන්ධතා වෘත්තිකයා සැමවිට ම සංවිධානයේ අභන්තර හා බාහිර ජනකණ්ඩායම් අතර පවතින විවිධ අදහස් යා කරන පාලමක් සේ ක්‍රියාකරන්නකි. එමෙන් ම එකී විවිධ අදහස් දරණ මහජන කණ්ඩායම් වෙනුවෙන් සංවිධානයේ අදහසහඩ කියාපාන පුද්ගලයා ද ඔහු ම ය. මෙම තත්වයන් සමථකරණයෙහිලා එම අසහස් හා මතවාද බාහිර පුද්ගලයකුගේ දෘෂ්ටිකෝණයෙන් සංවිධානයේ මහජන සම්බන්ධතාව තර කිරීමට වෘත්තිකයා කටයුතු කරයි.
  • උපදේශාත්මක කෘත්‍යය (උපාය මාර්ගිකව ගැටළු විසදා ගැනීම සදහා අනුශාසනා කිරීම) මෙයට සංවිධානාත්මක වැඩසටහන් සැලසුම් කිරීම වැනි යම් ගැටළුවකට කලින් ම මුහුණදීම සදහා එම තත්වයන්ට අනුරෑප වන පරිදි අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීම හෝ පාලනය කිරීමේ මහජන සම්බන්ධතාව ද (Pro-active PR), යම් සමාජීය හෝ භූගෝලීය ආපදා තත්වයකට මුහුණ දීම සදහා අත්‍යවශ්‍ය ප්‍රතික්‍රියාකාරී මහජන සම්බන්ධතාව ද (Re-active PR) මෙයට ඇතුලත් වේ.

    ඉහත සදහන් කාර්යන් තුන ම පුද්ගලාන්තර සම්බන්ධතාවන්ට මෙන් ම මහජන සම්බන්ධතාවන්ට ද එක සේ බලපාන කෘත්‍යමය තත්වයන් වන බව ලී ටැන්ග් දක්වා ඇත.

මහජන සම්බන්ධතා වෘත්තිකයා සිය සංවිධානයේඑය ක්‍රියාත්මක කරන ක්ෂේත්‍රයේ සහ දේශීයජාතික මෙන් ම ගෝලීය ක්ෂේත්‍රයේ ද බලපවත්වන සමකාලීන දේශපාලනසමාජීයආර්ථික සහ තාක්ෂණික යන අංශයන්ගේ නවීන සංවර්ධනයන් සහ ප්‍රවණතා පිළිබදව හරියාකාරව දැනුවත්ව සිටිය යුතුයි. වරෙක මහජන සම්බන්ධතාව මගින් සිය මුලික කර්තව්‍ය හරියාකිරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙහි නාමය පවා වෙනස් විය. එනම් විශාල ජනකායකට එකවර ආමන්ත්‍රණය  කිරීමට නොහැකිවීමෙන් සංස්ථාපිත සන්නිවේදනයන් හෝ ප්‍රතිරෑප කළමනාකරණය යනාදිය සදහා නැවත මහජන සම්බන්ධතා වෘත්තිකයන්ගේ අවශ්‍යතාවය ඇති විය. මේ තත්වය මත ඇතැම් විට මහජන සම්බන්ධතාව යන නාමය පවා ඇතැම් තැනක වෙනස්කර දැක්වීමට සිදු විය.

මහජන සම්බන්ධතා උපදේශන ආයතන අතුරින් වඩා පැරණි මෙන් ම ඉතාමත් කිර්තිමත් ආයතනයක් වන බර්සන් - මාස්ටෙලා (Burson - Marstella) ආයතනය මහජන සම්බන්ධතා ඒජන්සිය යන නාමය වෙනුවට සංජානන කළමනාකරණය (Preception Managment) යන නම පවා වරෙක භාවිතයට ගෙන ඇත.කෙසේ වෙතත් මේ තත්වයන් සැලකිල්ලට ගෙන බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතා වරලත් ආයතනය වරෙක මහජන සම්බන්ධතාව පිළිබද දක්වන ලද නිර්වචනය වඩා පුළුල් ආකාරයෙන් දක්වා තිබේ. එනම්

අවබෝධය ඇති කර ගැනීමේ සහ සහයොගය ලබා ගැනීමේ අරමුණු ඇතිව යම් සංවීධානයක (හෝ නිෂ්පාදනයක හෝ සේවාවක හෝ පුද්ගලයෙකුගේ හෝ) කීර්තියප්‍රසිද්ධිය පිළිබදව අවධානය යොමු කරනු ලබන විෂය ක්ෂේත්‍රය මහජන සම්බන්ධතා වෘත්තිකත්වය ලෙස මෙහි දී ඉදිරිපත්කර තිබේ

මෙයට වඩා සරලව පැහැදිලි කරන්නේ නම් මහජන සම්බන්ධතාව යන් ප්‍රසිද්ධිය යි. ඔබ කරණ කියන දේ මෙන් මඔබ ගැන අනෙක් අය කියන දේ පිළිබද ප්‍රතිඵලය මහජන සම්බන්ධතාවයි. 1961 දී එඩ්වර්ඩ් බර්නීස් විසින් ඉදිරිපත් කර ඇති අකාරයටඑනම් මහජන සම්බන්ධතාවයේ අඩංගු මූලික කරැණු තුනක් ප්‍රායෝගිකව ගත් විට මානව සමාජයට ඇති ඉතිහාසයට තරම් වූ දිගු ඉතිහාසයක් එහි තිබේ.එනම් මහජනතාව දැනුවත් කිරීමමහජනතාව පොළඹවාලීම සහ මහජනතාව ඔවුනොවුන් සමග අනුකලනය කිරීම මෙයට ඇතුළත් වේ.

 

මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය

මහජන සම්බන්ධතාවයේ ක්‍රියාවලිය ග්‍රෝත්‍රීය සමාජ අවධිය දක්වා දිවයන්නකි.මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය පිළිබදව අධ්‍යනය කරන විට මේ බව වඩාත් පැහැදිලි වේ.විෂයක් වහයෙන් මහජන සම්බන්ධතාව වර්ධනය වීම පසු ගිය සියවසේ මැද භාගයේ දී ආරම්භ වූ අතර වඩාත් කැපී පෙනෙන සිද්ධියක් වන්නේ 1952 දී එඩ්වඩ්.එල් බර්නීස් විසින් රචිත Public Relations යන කෘතිය රචනා විමයි. මෙම කෘතිය බිහිවිමට ප්‍රථම මේ පිළිබදව ලිය වී තිබුනේ සහ සාකච්ඡා වී තිබුණේ ඉතාමත් අල්ප වශයෙනි.

මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය මානව ශිෂ්ඨාචාරයේ ඉතා ඈතට විහි ද යන බවත් එය ග්‍රෝත්‍රීය සමාජවල පවා එක්තරා දුරකට ක්‍රියාත්මක වූ බවක් බර්ටන් රසල් ඔහුගේ Wisdom of the west (බටහිර ඥාණය) කෘතියේ සදහන් කර ඇත.

 


මහජන සම්බන්ධතාවයේ ඓතිහාසික සන්ධිස්ථාන


ඕනෑම විෂයක ඉතිහාසය හැදෑරිමෙන් අප ලබා ගන්නා දැනුම ඔස්සේ එම විෂයේ ප්‍රායෝගික ක්ෂේත්‍රය පෝෂණය කිරීමටත් භාවිතයට ගැනීමටත් හැකියාව ලැබේ. ඒ අනුව මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය හැදෑරීම තුළින් එහි ප්‍රභවය ව්‍යාප්තිය භාවිතය පැහැදිලිව හදුනාගත හැකිය. මහජන සම්බන්ධතාවය අතීතයේ ඒ ඒ රටවල සමාජ සංස්කාතියේ ප්‍රබල සමාජ අවශ්‍යතාවක් වූයේ කෙසේ ද එමෙන් ම එම කාල සීමාවන් තුල වර්ධනය වූයේ කෙසේ ද ක්‍රමක්‍රමයෙන් එය විද්‍යාත්මක පදනමක් යටතේ ගොඩනැගුනේ කෙසේ ද සහ වර්තමාන සමාජය තුල විද්‍යාත්මක පදනමක් යටතේ භාවිතයට ගන්නේ කෙසේ ද යන ආදී මූලික කරැණු ඔස්සේ මෙම විෂය හදුනාගත හැකි ය. මහජන සම්බන්ධතා විෂය හැදෑරීමේ දී Ivy – Lee සහ එඩ්වඩ්.එල් බර්නීස් යන පුද්ගලයන් දෙදෙනා වැදගත් වේ. මෙම විෂය පිළිබදව වඩාත් කැපී පෙනෙන අධ්‍යනය සාධකයක් ලෙස 1952 එඩ්වඩ්.එල් බර්නීස් විසින් රචිත Public Relations නැමැති කෘතිය හදුන්වා දිය හැකිය. Ivy – Lee සහ එඩ්වඩ්.එල් බර්නීස් යන දෙදෙනාගේ පර්යේෂණ වලින් පැහැදිලි වන්නේ මහජන සම්බන්ධතාවයේ මුලික ලක්ෂණ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට පැවැත එන බවයි. මහජන සම්බන්ධතාවය පිළිබද මූලිකත්වය ගනු ලැබූ N.S.B Gras (එන්.එස් බී ග්‍රේස්), Eric Goldman (එරික් ගෝල්ඩ්මන්) යන දෙදෙනා විසින් ද කුඩා ප්‍රමාණයේ කෘති දෙකක් ඉදිරිපත් කර ඇත. එමෙන් ම බර්ටන් රසල් ගේ Wisdom of the west කෘතිය තුළ සදහන් කර ඇත්තේ ග්‍රෝත්‍ර අවධියේ සිට ම මහජන සම්බන්ධතාවයේ මූලික ලක්ෂණ දක්නට ලැබෙන බවයි. ඔහු ප්‍රකාශ කරන පරිදි මෙම කාල පරිච්ඡේදය තුළ ඒක මාධ්‍ය සන්නිවේදනය ක්‍රමයෙන් ක්‍රියාත්මක වූ නිසා මහජන සම්බන්ධාතාව සියයට සියයක් ක්‍රියාත්මක නොවුනු බවයි. එයට ප්‍රධාන හේතුව වන්නේ ග්‍රෝත්‍රික නායකයා තුළ පැවැති අත්තනො මතික අදහස් ආකල්ප පාලන ක්‍රමවේදය බව බර්ටන් රසල් පෙන්වා දි ඇත. අතීතයේ නායකයා සහ මහජනතාව අතර රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබදව විවෘත සංවාදයක් නොතිබුණි. එකල පාලකයාට තම අදහස් ආකල්ප ජනතාව වෙත ඉදිරිපත් කිරීමට තිබූ අවශ්‍යතාවය ප්‍රබල වුව ද මහජනතාවගේ ආකල්ප සහ අදහස් තමා වෙත ලබා ගැනීමට එතරම් උනන්දුවක් දක්වා නැත. කෙසේ නමුත් ඉපැරණි සමාජයේ පාලකයා විසින් සිය අදහස් මහජනතාව වෙත ලගා කරවිමටත් මහජනතාවගේ අදහස් තමා වෙත ලබා ගැනීමටත් සහ තමන්ට අවශ්‍ය නිතිමය උපදෙස් ලබා ගැනීමටත් විශේෂ නිලධාරීන් පිරිසක් පත් කර ගෙන සිටි බව මහජන සම්බන්ධතා ඉතිහාසය හැදැරීමේ දී හදුනාගත හැකි ය. 
ඔවුන් තෝල්කයන් එසේ නැතහොත් Talking Chief නමින් හදුන්වා ඇත. මෙම පුද්ගලයා මහජන සම්බන්ධතා නිලධාරියා ලෙස හදුන්වා දිය හැකිය. සමාජයේ දිවුණුවත් සමග තෝල්කයන්ගේ කාර්යභාරය ප්‍රමාණවත් නොවුණි. මෙය විද්‍යාත්මක පදනමක් යටතේ නිර්මාණය නොවුණි. ඒ අනුව පැරණි මිසර සමාජය පිළිබදව අධයනය කිරීමේ දී මහජන සම්බන්ධතා නිලධාරීන්ගේ ස්වරෑපය රැගත් වඩාත් ප්‍රමාණවත් පුද්ගලයෙක් හමු වේ. ඔහු සරීබ් (Suribe) නමින් හදුන්වා ඇත. මිසරයේ පරාවෝ පෙළපත ඔවුන්ගේ රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබද මහජනතාව ලෙස අදහස් ඉදිරපත් ආකල්ප තමා වෙත ලබාගැනිමටත් මොවුන් කටයුතු කළේ ය. විශේෂත්වය වන්නේ මොවුන් පූජක පිරිසක් වීමයි. මෙම පූජක පිරස ලේඛන කලාවේ අති දක්ෂයින් වූ අතර මහජනතාවගේ ගරැබුහුමන් ලැබූ පිරිසක් විය. 
රජුගේ අදහස් මහජනතාවට වෙත දැනුම් දීමට ජනතාවගේ අදහස් රජුන් වෙත ලගා කරවීමටත් මහජනතාව හා සම්බන්ධ වන මෙම දූතයන් න්‍යායන් ද භාවිතා කළේ ය. So was it Saied (මහවාස විසින් මෙසේ වදාරන ලදී) So was it written (එය ඒ අකාරයෙන් ම ලේඛනගත කරන ලදී) So shall it done (එය ඒ අකාරයෙන් ම ක්‍රියාත්මක කල යුතුය) මෙම පූජක පිරිස මහජන මතය සන්විධානය කිරීමට මූලික විය. පුරාන ඉස්ට්‍රල්ය පාලක පිරිසක් පාලකයන් සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනැගීමට Prophets නමින් හදුන්වන ලබන පිරිසක් මූලික වී ඇත. මොවුන් සරීබ් (Suribe) පූජකයන්ට වඩා දක්ෂ පිරිසක් විය. මොවුන්ගේ පාලන ක්‍රියාවලිය අසාර්ථක වුයේ නම් ඊට හේතු වූයේ පාලකයන්ගේ දැඩි ප්‍රතිපත්ති බව හදුනාගත හැකිය. මහජන සම්බන්ධතාවයේ අතීත නිලධාරීන් හදුනාගැනීමේ දී මීළගට වැදගත් වන්නේ Publicist නැමැත්තාය. ඔවුන් පූජක පිරිසක් නොවුන ද ඒ හා සමාන දක්ෂතාවයෙන් යුතුව තම කාර්යයන් සිදු කළේ ය. රාජකීය පාලන සමය තුළ පැනනගින්නාවූ ආරවුල් විරෝධතා මෙන් ම මානව අයිතීන් විනිශ්චය කිරීම සදහා එංගලන්තයේ Load chancer (ලෝඩ් චාන්සර්) නමින් අමාත්‍යවරයෙක් රජු විසින් පත් කරයි. ගැටළු වලින් තොරව රාජ්‍ය පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා රජය සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනැගීම මෙම අමාත්‍යවරැන්ගේ කාර්යභාරය විය. මහජන සම්බන්ධතාව වර්ධනනය කිරීම සදහා ලොඩ් චාන්සර් නම් අමාත්‍යවරයා මුලිකත්වය ගත්තේ ය. මේ අනුව පැහැදිලි වන්නේ රජු සහ මහජනතාව අතර අදහස් හුවමාරැ කරගනිමින් මහජන සම්බන්ධතාව ගොඩනැගීම සදහා අතිතයේ සිට ම පූජක පක්ෂයේ සහයෝගය ලැබී ඇති බවයි. වර්තමාන තුළ ද පාලකයා සහ ජනාතාව අතර හොදහිත වර්ධනය කිරීමට පූජක පක්ෂය කිසියම් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක නියතවන බව හදුනාගත හැක. 
මෙතෙක් අප සාකච්ඡා කළේ මහජන සම්බන්ධතාව හා බැදෙන ඓතිහාසික සන්ධිස්ධානයන් පිළිබදවයි. මීළගට අපගේ අවධානය යොමු විය යුත්තේ වර්තමානය දක්වා මහජන සම්බන්ධතාවයේ වර්ධනය සිදු වූ අකාරය සොයා බැලීම කෙරෙහි ය. වර්තමානයේ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය තුල දක්නට ලැබෙන විද්‍යාත්මක ස්වරෑපයේ වර්ධනයට මුලින් ම අඩිතාල ම වැටෙන්නේ විසිවන සියවසේ ආරම්භයේ සිට ය. ක්‍රමානුකූල හෝ සංවිධානාත්මක හෝ වෘත්තීමය වශයෙන් වර්තමානවූත් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක පුරෝගාමී රට වශයෙන් හදුන්වාදිය හැක්කේ ඇමරිකාවයි. වෙනත් රටවලට වඩා ශීග්‍ර වේගයකින් ඇමරිකාව තුල මහජන සම්බන්ධතාව ක්‍රියාත්මක වන්නට වේ. 
ලෝකයේ බොහෝ රටවල් මහජන සම්බන්ධතාව හා බැදෙන්නේ කාර්මිකරණයට හසුවීමෙන් පසුවයි. කාර්මිකරණයට පසුව ලෝකයේ බොහෝ රටවල් සිය ආර්ථික ප්‍රතිපත්තීන් ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ දී ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම සදහා මහජන සම්බන්ධතාව බෙහෙවින් භාවිතයට ගන්නට වේ. එමෙන් ම එහි වැදගත්කම නිසා ම මහජන සම්බන්ධතාවට අදාල පුද්ගලයින් පමණක් නොව ආයතන ද විසිවන සියවසේ ආරම්භයේ දී දැක ගත හැකිය. 1904 Ivy –Lee නම් ඇමරිකානු පුවත්පත්වේදියා,ඇමරිකාවේ නිව්යොක් නගරයේ ප්‍රථම වරට මහජන සම්බන්ධතා කාර්යාලයක් ආරම්භ කරන ලදී. ඔහු ප්‍රකාශ කල පරිදි එම කාර්යාලයේ අරමුණු වුයේ වෙළද ව්‍යාපාර සහ පොදු ආයතන පිිළිබද තොරතුරැ ඇමරිකානු ජනතාව සහ ඇමරිකානු පුවත්පත් වෙත විවෘතව හා අවංකව ම සැපයීමයි. එමෙන් ම Ivy –Lee විසින් විවිධ වෘත්තිකයන් සහ ආයතන අතර මතුවන ගැටළු අධ්‍යනය කොට ඒවා විදීම සදහා ද තම කාර්යාලය තුලින් පියවර ගෙන ඇත. එහි දී සේවකයින්ගේ අයිතිවාසිකම් සහ ආයතනයේ අරමුණු අතර සමානුපාතිකව බවක් හා සාධාරණ බවක් අවශ්‍ය යැයි ප්‍රකාශ කල ඔහු ආයතන සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඇති වැදගත්කම ද පැහැදිලි කොට ඇත. ඇමරිකාවේ විවිධ ආයතනවල විවිධ වයාපාරවල විවිධ ප්‍රවාහන සේවා තුල ගැටළු සහ විශ්වාසය බිදවැටීම සමතයකට පත් කිරීම සදහා ඔහු කටයුතු කොට ඇත. 1906 දී ඇමරිකාවේ ගල් අගුරැ කර්මාන්ත ශාලාවක ඇති වූ අරගලය සමතයකට පත් කිරීම සදහා සහ එම කාල සීමාව තුල ම පෙන්සිල්මෙනියාවේ සිදු වූ දුම්රිය අනතුරක් නිසා දුම්රිය සේවාව පිළිබදව ජනතාව තුළ ගොඩනැගුනු විරෝධාවය සමතයකට පත් කිරීම සදහා ද ඔහු කටයුතු කොට ඇත. 
මේ අනුව බලන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මහජන සම්බන්ධතා ක්‍රියාවලිය විසිවන සියවසේ ප්‍රභවය වන අතර එහි පුරෝගාමී පුද්ගලයා ලෙස Ivy –Lee විසින් ගෞරවය හිමි කර ගනී. ඔහුගේ කාර්යය වුයේ මහජන සම්බන්ධතා විෂය බොහෝ ශිල්ප ක්‍රම හා න්‍යාත්මක මූල ධර්ම වලින් පරිපූර්ණ කිරීමයි. ඒ නිසා විසිවන සියවසේ දෙවන දසකයේ ආරම්භවනවාත් සමග ම මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක් ද ඔහුගේ කාර්යභාර්ය කුමක් ද යන්න පිළිබදව නිරවුල්ව පැහැදිලි අදහසක් Ivy –Lee ගේ කාර්යභාර්යන් වලින් ප්‍රකට විය. 
1900 – 1950 කාල පරිච්ඡේදය තුල මහජන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය වීමේ දී වඩාත් කැපී පෙනෙන පුද්ගලයන් ලෙස John D Rockerfellar හා J.B Morgan යන දෙදෙනා මහජන සම්බන්ධතාව ප්‍රයෝගිකව හා න්‍යාත්මකව ක්‍රියාත්මක කිරීම සදහා දැඩි වගකීමක් කටයුතු කල පුද්ගලයන් දෙදෙනෙකු ලෙස හදුන්වා දිය හැක. ප්‍රථම ලෝක සංග්‍රාමයත් සමග එම යුද්ධය අවසන් කිරීමට මෙන් ම යුද්ධයේ දී බිහි සුනු බව අවබෝධ කර ගැනීමත් වැනි තේමාවන් මෙහි දී මූලික විය. ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් පුළුල් ජන මතකයක් ද ගොඩනැගින. 1917 එවකට රාජ්‍ය බලය ඉසිලූ කොංග්‍රසය විසින් මහජන සම්බන්ධතා තොරතුරැ කමිටුවක් පිහිටුවන ලදී. එහි ප්‍රධානියා වූයේ George Creel ය. එම කමිටුව යුද්ධයට එරෙහිව මහජන මතය ගොඩනැගීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් ජනතාව පොළඹවාලීම සදහා උදෘත කිහිපයකින් භාජනයට ගන්නා ලදී. The war to end the war (යුද්ධය අවසන් කිරීමේ යුද්ධය) The war to make the world self for democracy (ප්‍රජාතන්ත්‍ර ලොව සුරක්ෂිත කිරීමේ යුද්ධය). 
මෙම ආයතනය යුද්ධයෙන් පසුව ජනතාව දේපල වෙළද සමාගම් ප්‍රතිසංස්කරණය කිරීම සදහා මහජන සම්බන්ධතා ප්‍රබල අවියක් ලෙස භාවිතයට ගන්නා ලදී. 
1919 දී මහා බිත්‍රානය තුලට යුද්ධයෙන් ජනතාවට දයාද වූ කටුක අත්දැකීම් නැවත ඇති නොවීමට පියවර ගැනීමක් වශයෙන් 1926 දී මහජන උපදේශන මණ්ඩලය නමින් මහා මණ්ඩලයක් බ්‍රිතාන්‍යෙය් ස්ථාපිත කරන ලදී. ඒ සමග මහා බිත්‍රාන්‍ය තුල ද මහජන සම්බන්ධතා ක්‍රියාවලිය ප්‍රතිස්ථාපනය වූ අතර එම ක්‍රියාවලියේ පුරෝගාමියා ලෙස ගෞරවය හිමිකර ගන්නේ ශ්‍රීමත් ස්ටීවන් ටැලන්ස්ය. මෙය අනුව ඇමරිකාව තුල ක්‍රියාත්මක වූ න්‍යායික හා ප්‍රායෝගික මහජන සම්බන්ධතා ක්‍රියාවලිය වඩාත් ප්‍රබල තත්වයක පත්ව ඇත. ක්‍රමක්‍රමයෙන් ලෝකයේ බොහෝ රටවල මහජන සම්බන්ධතාව ස්ථාපිත විය. විද්‍යාත්මක මහජන සම්බන්ධතාව ප්‍රබවය වුව ද ලෝකයේ සෑම ශිෂ්ඨාචාරවලට සංස්කෘතීන්ට ජන කණ්ඩායම් වලට ආවේණික මහජන සම්බන්ධතා ක්‍රියාවලියෙහි මූලික ලක්ෂණ පැවැති බව අප අමතක කල යුතු නැත.


මහජන සම්බන්ධතා විධික්‍රම

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ම වඩාත් සරළ මට්ටමින් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රමාණවත් මහජන සම්බන්ධතා විධික්‍රම භාවිතයට ගෙන තිබූ බව පැහැදිලි වෙයි.  ක්‍රමක්‍රමයෙන් සමාජය හා සමාජ අවශ්‍යතා සංකීර්ණ වීමේදී මෙම විධික්‍රම විද්‍යාත්මක පදනමක් යටතේ වර්ධනය වන්නට වෙයි. රටින් රටට සමාජයෙන් සමාජයට සංස්කෘතියෙන් සංස්කෘතියට මෙම විධික්‍රමවල යම් යම් වෙනස්කම් තිබුණ ද ඒවායේ පොදු ද පරමාර්ථය එකක් ම වේ. සමස්තයක් වශයෙන් ගත් කළ මහජන සම්බන්ධතා විධික්‍රම පහත සඳහන් පරිදි වර්ගීකරණයකට ලක් කළ හැකියි.

  • සමාජ අවශ්‍යතා සංකීර්ණ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ වඩාත්  ප්‍රායෝගික හා සරල මහජන සම්බන්ධතා විධික්‍රම
  • සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයත් සමග ජනමාධ්‍ය පදනම් කරගෙන බිහි වූ මහජන සම්බන්ධතා විධික්‍රම 
  • සන්නිවේදන තාක්ෂණයේ උපරිමය තුළ නව මාධ්‍ය භාවිතයත් සමඟ බිහිවූ මහජන සම්බන්ධතා විධික්‍රම 

මෙම වර්ගීකරණය තුළ මුල් වර්ග වර්ගීකරණය පිළිබඳව විමසන විට වඩාත් සරල එහෙත් ප්‍රායෝගික මහජන සම්බන්ධතා විධික්‍රම රැසක් හා හඳුනාගත් හැක.

  • සාකච්ඡා
  • රැස්වීම්
  • සම්මන්ත්‍රණ හා වැඩමුළුමුළු
  • ආගමික වැඩ වැඩසටහන් 
  • ප්‍රදර්ශන
  • තරග
  • අනුග්‍රාහකත්ව දැන්වීම්
  • දායකත්වය
  • සංග්‍රහශීලීත්වය
  • චාරිකා

සමස්තයක් වශයෙන්  ගත් කල  ඉහත විධික්‍රම  ඔස්සේ ශ්‍රී ලාංකික සමාජය තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද මහජන සම්බන්ධතා විධික්‍රම ක්‍රියාත්මක විය. සන්නිවේදන තාක්ෂණය වර්ධනය වූව ද මෙම මුල් ප්‍රවර්ගයේ විධික්‍රම තවමත් භාවිතයේ පවතින බව පෙන්වා දිය හැකිය. ඊට හේතුව වන්නේ ඒ තුළ පවතින ප්‍රායෝගිකත්වය යි. ඒ නිසා ජනමාධ්‍ය සහ නව මාධ්‍ය මහජන සම්බන්ධතාවය සඳහා වර්තමානයේ ප්‍රබල ව භාවිතයට ගැනුණ ද මෙම මුළු වර්ගයේ විධික්‍රමයන් භාවිතයෙන් ඉවත් වී ඇතැයි කිව නොහැකිය.  විශේෂයෙන් ම දැන්වීම්කරණයඅලෙවිකරණයවාණනිජකරණය සහ මහජන සම්බන්ධතාව අතර සියුම් වෙනසක් පවතින බව අප වටහා ගත යුතුයි. ඒ අනුව මහජන සම්බන්ධතාව තුළ ඉහත විධික්‍රමයන් වඩාත් ඵලදායි ලෙස භාවිතයට ගන්නා අවස්ථා වර්තමානයේ ද දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් ප්‍රදර්ශන පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කළ බවත් විවිධාකාරයේ ප්‍රදර්ශන ජාතික ජාත්‍යන්තර මට්ටමින් වර්තමානයේ ද දැකගත හැකිය. ඒ අතර කර්මාන්ත ප්‍රදර්ශනසෞඛ්‍ය ප්‍රදර්ශන මෙන්ම දේශීය අත්දැකීම් අනුව සාකච්ඡා කළ හැකි ගම්උදාව ප්‍රදර්ශනදැයට කිරුළ ප්‍රදර්ශන ආදිය තුළ පුළුල් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් දැකගත හැකිය.

මීළඟට අපගේ අවධානය යොමුවන වන්නේ දෙවන වර්ගයේ මහජන  සම්බන්ධතා විධික්‍රම හදුනා ගැනීම කෙරෙහිය. මෙහිදී සිදුවන්නේ මහජන සම්බන්ධතා සඳහා උපාය මාර්ගයක් වශයෙන් ජන මාධ්‍ය භාවිතයට ගැනීමයි. එහිදී පුවත්පත් ගුවන් විදුලියය රූපවාහිනිය මුල් ම තැනක් ගනී. තාක්ෂණිකව මහජනතාව වෙත වඩාත් ව වැදගත් තොරතුරු හදිසි තොරතුරු ඉදිරිපත් කිරීමේදී ගුවන් විදුලිය තුළ ක්ෂණික බවක් වේගවත් බවක් දක්නට ලැබේ. ගුවන්විදුලියේ මගින් ක්ෂණිකව විශේෂ ප්‍රවෘත්තිවිශේෂ තොරතුරුවිශේෂ නිවේදන ඉදිරිපත් කළ හැකියාවක් මෙන්ම විවිධ විෂය අනුබද්ද ආයතන වලට පුද්ගලයින්ට රජයට මහජන සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ගුවන් විදුලිය උපකාරී වෙයි.රූපවාහිනී මාධ්‍ය මගින් එවැනි අවස්ථා වලදී වඩාත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කරමින් මහජන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා අවස්ථාව සැලසේ. ක්ෂණිකව තොරතුරු සම්පාදනය සඳහා ප්‍රායෝගිකව පුවත්පත්ට අවස්ථාවක් නොතිබුණාද  පුවත්පත ද දිගුකාලීන මහජන සම්බන්ධතා මෙවලමක් ලෙස වාණිජ ලෝකය තුළ ද භාවිතයට ගැනේ. විශේෂයෙන්ම භූචලනගං ගංවතුරනාය යෑම්සුනාමිහදිසි අනතුරු වැනි අවස්ථාවලදී ගුවන්විදුලියට සහ රූපවාහිනියට විශේෂ හැකියාවක් ඇත. එමෙන්ම ප්‍රචාරණය සඳහා මෙම මාධ්‍යයන් භාවිතයට ගනිමින් වාණිජ ආයතන මෙම මාධ්‍ය ඔස්සේ පුළුල් මහජන  සම්බන්ධතාවයක් ගොඩනඟා ගනී. සිනමාව ඉහත මාධ්‍යයන් තරම් ප්‍රබල නොවුනදණ ද ලෝකයේ දියුණු රටවල මහජන සම්බන්ධතාවය සඳහා භාවිතයට ගැනෙන බව දැකිය හැකිය.

මහජන සම්බන්ධතා විධික්‍රම අධ්‍යයනය කිරීමේ දී තුන්වන අදියර තුළ අප අවධානය යොමු කරන්නේ නව මාධ්‍ය සම්බන්ධව ගොඩ ගොඩනැඟී ඇති මහජන සම්බන්ධතා විධික්‍රමයන් පිළිබඳවයි. සන්නිවේදන තාක්ෂණයේ උචිතම අවස්ථාව ලෙස වර්තමානයේ සඳහන් කළ හැක්කේ අන්තර්ජාලය ප්‍රභවයයි. ඒ අනුව අන්තර්ජ්තර්ජාලය ඇසුරු කරගෙන එහි විවිධ සන්නිවේදන ක්‍රියාකාරකම් ඔස්සේ මහජන සම්බන්ධතා ප්‍රවණතා ගොඩනැගී ඇත. එහිදී තාක්ෂණිකව සහ විද්‍යාත්මකව තොරතුරු සන්නිවේදනය කර ගැනීම සඳහා අවස්ථාව සැලසී ඇත. විද්‍යුත් තැපෑලවිවිධ වෙබ් අඩවිසමාජ ජාල ආදිය පදනම් කරගෙන ජාත්‍යන්තරව මහජන  සම්බන්ධතාව වඩාත් පුළුල් හා සංකීර්ණ ලෙස ක්‍රියාත්මක වේ. අන්තර්ජාලය සමස්ථ විශ්වය තුල  ප්‍රබල සන්නිවේදන පෙරළියක් සිදු කොට ඇත. ඒ ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ මහජන සම්බන්ධතාවය සඳහා ඇති අවකාශයය පුළුල් වී ඇත. වෙබ් අඩවි ජාත්‍යන්තර සහ සම්බන්ධතා තහවුරු කරගැනීම සඳහා යන තොරතුරු ගවේෂණය කිරීම සඳහා ඇති ප්‍රබලතම සන්නිවේදනය ක්‍රම උපායකි. ලෝකයේ විවිධ ආයතන ක්ෂණයකින් නිරීක්ෂණය කර ගැනීම සහ ඒ හා සම්බන්ධ වීමට හේතුව අවස්ථාව ඇත. සමාජ ජාල ඔස්සේද පුළුල් මහජන සම්බන්ධතා සඳහා ඉඩකඩ ඇති අතර මොහොත්ක් පාසා එම සම්බන්ධතා යහපත් යාවත්කාලීන වෙමින් පවතී. මෙම සන්නිවේදන ක්‍රම උපායන්ට අමතරව අන්තර්ජාලයය තුල නව ක්‍රමෝපායන්නව ප්‍රවණතා ඔස්සේ වර්ධනය වෙමින් පවතී. එහෙත් ප්‍රවේසම් විය යුත්තේ අන්තර්ජාලය තුළ ඇති අහිතකර ක්‍රියාකාරකම් පිළිබඳවයි. නව මාධ්‍ය පිළිබඳව අධ්‍යනය කිරීමේදී අන්තර්ජාලය පමණක් නොව ජංගම දුරකථනය ද ඒ හා සම්බන්ධ නව මහජන සම්බන්ධතා විධික්‍රමයක් ලෙස හඳුනාගත හැකිය. ජංගම දුරකථනය ද මහජන සම්බන්ධතා ගොඩනැගීමේ දී ප්‍රබල සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතයට ගත හැකි අතර ඒ ඔස්සේ සිදුවන අහිතකර ක්‍රියාකාරකම් පිළිබඳව ද අප අවධානය යොමු කළ හැක. ඉහත කරුණු නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ මහජනසම්බන්ධතා විධික්‍රම සහ සන්නිවේදන තාක්ෂණය වර්ධනය අතර අවියෝජනීය සම්බන්ධතාවක් පවත්නා බවයි. කෙසේ නමුත් අනාගත ලෝකය තුළ තවදුරටත් සන්නිවේදන තාක්ෂණය වර්ධනය වීමේ දී මහජන සම්බන්ධතා විධි ක්‍රමයන් හීදි නව ප්‍රවණතා බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.  ඒ අනුව මහජන සම්බන්ධතා විධික්‍රම අධ්‍යයනය කිරීම් ම තවදුරටත් පුළුල් වන බව අවසාන වශයෙන්  පෙන්වා දිය හැක.







No comments