TOP POSTS

USE OF CREATIVE LANGUAGE


නිර්මාණශීලී භාෂා භාවිතය

නිර් යන උපසර්ග පදය කරණ කොටගෙන බිහිවූ  නිර්මාණශීලී යන වචනයෙ අර්ථය විවරණයඅපට අපිට අවබෝධ කරගත් හැකිවනුයේ නවොත්පාදන යන්නයි. එනම් නව දැක්මක් යටතේ නිරූපණය කිරීම අර්ථයද සැලකිය හැකිය. සමාජගත වපසරිය තුළ ජීවත්වීම තුළින් ලබා ගනු ලැබූ නවෝත්පාදනය   යුත් අත්දැකීම් නව්‍යතාවයන් යුතුව නිරූපණයය කිරීම මෙහිදී සිදුවන අතර ඒ ඒ සිද්ධි දාමයට සාපේක්ෂ්ව  භාවමය අත්දැකීම් නිරූපණය මෙහිදී සිදුවේ.
අපූර්වත්වයෙන් නව දැක්මකින් නව අරමුණ යටතේ විශේෂ පරිපූර්ණතාවයක් කැටි කොට ගෙන කිසියම් නිර්මාණයක් නිවැරදි ලෙස ප්‍රකාශ කිරීම, ඉදිරිපත් කිරීම නිර්මාණාත්මක වචන භාවිතය ලෙස අර්ථවත් කළ හැකිය.
දැක්මක් සහිතව වීම ඕනෑම නිර්මාණයක අත්‍යාවශ්‍ය අංගයකි. යම්කිසි නිර්මාණයක් සමාජගත කිරීමේදී එම නිර්මාණය හරහා ලබන වටිනාකම අතිශය වැදගත්ය. කුමක් අරමුණු කොටගෙන සමාජ ගත කරයිද යන්න අතිශයින් වැදගත්ය. එහි සමාජමය නිරූපණය මතු කිරීමෙහිලා වඩාත් වැදගත් සාධකයක් ලෙස භාෂාව හඳුනාගත හැකිය. භාෂාව දැක්ම නිවැරදිව සමාජගත කිරීමට මූලික අඩිතාලම සකස් කරයි.

 
නිර්මාණයක් තුළ අන්තර්ගත ලක්ෂණ

1. අපූර්වත්වය
2. නැවුම් බව
3. රස  නිෂ්පත්තිය
4. ආකර්ෂණය
5. ප්‍රයෝජනවත් බව
6. සංවේදී බව
7. ඵලදායික බව

ඕනෑම නිදහස් මනසක් හරහා උද්දීපිත වූ කිසියම් අදහස් සමාජගත කිරීමේදී එය සමාජ ගත කළ යුත්තේ කෙසේද යන්න වටහා  ගත යුතුය.ඇයි එකී නිර්මාණය හරහා මූලිකව අන්තර්ගත විය යුතු සාධකයක් ලෙස අපූර්වත්වය සැලකිය හැකිය. පෙර නොවූ විරූ අදහස් ඉදිරිපත් කිරීම මෙහි අර අරමුණ ලෙස නම් කළ හැකිය.  ඕනෑම නිර්මාණශීලී නිර්මාණයක  නව්‍යත්වය හෙවත් නැවුම් බව අතිශයින් වැදගත් වේ. නැවුම් බව හරහා කිසියම් අවබෝධයක් ලබාදිය හැකිය. fresh mind සංකල්පය සමාජගත කිරීමෙහිලා මේය අතිශයින් වැදගත් ඒ ඒ රසභාවයන් නිෂ්පාදනය වනුයේ භාෂාව විවිධත්වයෙන් යුතුව නිරූපණයය කිරීම මතය. 
වීර රසය, කරුණා රසය ආදී විවිධාකාර රසභාවයන් සමාජගත කිරීමට නිර්මාණශීලී නිර්මාණයක් තුළින්  දැකගත හැකියි.  පාඨක, ශාවක සමාජය යම්කිස කිසි නිර්මාණයක් වැළඳ ගැනීමට නම් එම නිර්මාණය  ආකර්ෂණීය හෙවත් සිත් ඇදගන්නා සුළු විය යුතුමය. ඒ හරහා මතුකරන කුතුහලය අවබෝධයෙන් මෙහිදී අතිශයින් වැදගත්ය. ඕනෑම නිර්මාණයක් සමාජගත කිරීමේදී ඒ හරහා සමාජවා වපසරිය ඇති ප්‍රයෝජනවත්බව වටහාග ගත යුතුය මෙහිදී එය සමාජ වපසරියට දායක වනුයේ කෙසේද ඒ හරහා සමාජගත කරන අරමුණ කුමක්ද ඉන් අපේක්ෂිත සමාජ කන් කණ්ඩායම වශයෙන් අවධානය යොමු කරයි. එසේම එය ආමන්ත්‍රණය කරනු ලබන සමාජ කන් කණ්ඩායම් මත සංවේදී බව අතිශයින් වැදගත්ය. ඒ ඉලක්කගත සමාජ කණ්ඩායම් පදනම්කොට නිර්මාණය ඉදිරිපත් කිරීමේදී භාෂාව පදනම් කොටගෙන  සංවේදීත්වය නිරූපණය සමස්තයක් ලෙස අවධානය යොමු කිරීමේ දී තවත් වැදගත් සාධකයක් ලෙස ඵලදායික බව සැලකිය හැකිය. එහි අර්ථය වනුයේ කොතරම් දුරට එම නිර්මාණය හා පතිඵල උදාවේද යන්නයි. මේ සෑම නිර්මාණයක් හරහා ම වැදගත් සමාජ පණිවිඩයක් සමාජගත කරයි. මෙහිදී මූලිකම කාර්යභාරයක් ඉටු කරනුයේ භාෂාවයි. භාෂාව විවිධත්වයෙන් පරිහරණය තුළින් විවිධ රසයන් ජනිත් කරයි. එකල්හි නැවුම් අර්ථය නිර්මාණයන් සමාජගත වේ.

No comments