TOP POSTS

THEORY

 

න්‍යාය

න්‍යායක් යනු කිසියම් ආකාරයක ස්ථිර ස්වභාවය දැක්වීම, කිසියම් ගුණාත්මක ගනුදෙනුවක්, මානව හැසිරීම් පිළිබඳ සංවිධානාත්මක ඉදිරිපත් කිරීම, පොදු ස්වභාවයක් ගෙනහැර දැක්වීම (පොදු බව) එහි ඇති දෙවැන්න විශේෂිත බවයි.

න්‍යායන් හඳුනා ගැනීමේ දී විශේෂතා හඳුනා ගැනීම

1.ඥාණය ප්‍රශ්න කිරීම (මානවයාගේ ඥාණය නැවත නැවත ප්‍රශ්න කිරීම)

2. මානවයාගේ අත්දැකීම් ප්‍රශ්න කල හැකිය (සත්භාව විභාවය)

3. අපේ අගයන් ප්‍රශ්න කරගත හැකිය (සාරධර්ම විභාවය) අපේ අගයන් නිවැරදිද යන්න ප්‍රශ්න කිරීම, අපේ රුචිය නිවැරදිද යන්න.


පද්ධති න්‍යාය (Systems theory)

කිසියම් සමාජ පද්ධතිය සම්බන්ධතාවය හැසිරීම් මහජන සම්බන්ධතාවය විශේෂිතව ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීමයි. මහජන සම්බන්ධතා යාන්ත්‍රනය සකස්ව ඇත්තේ කෙසේද සහ ක්‍රියා කරන්නේ කෙසේද සහ ක්‍රියා කරන්නේ කෙසේද යන්න එමගින් පැහැදිලි කෙරේ.

  • සංවිධානයක ක්‍රියාවන් සහ ආකල්පයන් පවතින්නේ කෙසේද?
  • මහජන සම්බන්ධතා අවස්ථාවක මහජන දායකත්වය කවරාකාරද?
  • මහජන සම්බන්ධතාවයට යටත් කණ්ඩායම ඔවුන්ගේ පරිසරය තුළ හේතුඵල සම්බන්ධතා දක්වන්නේ කෙසේද?

පද්ධති න්‍යායක අවධානික කරුණු

01. සහසම්බන්ධතා ක්‍රියාකාරකම් (synergy)

පද්ධතිය රැඳී ඇත්තේ සහ ක්‍රියා සමුදායක් මතය. එකිනෙකා ගැටෙන්නා වූ සහ ක්‍රියාවන් මත එබැවින් එය සංකීර්ණය. සහ ක්‍රියාවන් විවිධ හේතු මත වෙනස් විය හැකිය. ඒවා ගැටුම් ලෙසත් සම්බන්ධතා ලෙසත් පාවෙමින් පවතී. එබැවින් මහජන සම්බන්ධතාවයේ දී පද්ධතියක් හඳුනා ඒ මත ක්‍රියා කිරීම වැදගත්ය. උදා- මෙම පංති කාමරය සහ ක්‍රියා සහිත පද්ධතිය. විවිධ අදහස් දරණ අය ඇත. සමාන වූ ලක්ෂණ දරණ අය ඇත. අසමාන ලක්ෂණ දරණ අයද ඇත. ඇතැම් විට ඒවා ගැලපේ.

02. නිදහස්භාවය සහ ස්වාධීනභාවය (Interdependence) (අන්‍යෝන්‍ය වශයෙන් තිබෙන රැඳියාව)

අන්‍යෝන්‍ය වශයෙන් රැඳියාව හෝ යැපීම පද්ධතියක අන්‍යෝන්‍ය රැඳියාව මහජන සම්බන්ධතාව විසින් ආරක්ෂා කල යුතුයි. එය මහජන සම්බන්ධතාවයක මූලික කාරණයකි. එසේ නොවන්නේ නම් පද්ධතියක් ශක්තිමත් වන්නේ නැත. ඒ බව ආරක්ෂා කර ගැනීමට මහජන සම්බන්ධතාවය ඉතා වැදගත්ය.

03. අන්තර් බැඳීම (Inter connections)

අන්තර් බැඳීම් බොහෝ තිබිය හැකිය. ඒවා හඳුනා ගැනීම ඔපමට්ටම් කිරීම මහජන සම්බන්ධතාවයේ මූලධර්මයකි. මහජන සම්බන්ධතා නිළධාරියෙකුට කිසිසේත් අයිතියක් නැත. අන්තර් බැඳීම් හැතුවක්කාර ලෙස කඩා බිඳ දමන්නා ඔහු පළමුව සංවිධානයක් තුළ තිබෙන අන්නර් බැඳීම් මනාව වටහා ගැනීමක් කළ යුතුය. (Writhing the organization) සංවිධානයක් හා සංවිධානයක පවත්නා පරිසරයක තුළ තිබෙන අන්තර් බැඳියාව ශක්තිමත් කළ යුතුය. (Between the organization and the environment) මෙවැනි පද්ධති තේරුම් ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය.

1. මහජන සම්බන්ධතාවය සහ සංවිධානය කලමනාකරණය අතර තිබෙන සම්බන්ධතාවය හඳුනා ගැනීම.

2. අභ්‍යන්තර හා භාහිර පාරිසරික අන්‍යෝනය ලැදියාවන් හඳුනා ගැනීම.

පද්ධති ප්‍රධාන ලක්ෂණ 2කි.

  • සංවෘත (Closed)
  • විවෘත (Open)

වැසුණු පද්ධති (Closed System)

අතීත අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කර ගැනීමෙන් තීන්දු තීරණ ගැනීම. (ඓතිහාසික පිළිගැනීම් වැසුණු පද්ධතිය තුළ ඇත)

විවෘත පද්ධති (Open System)

බාහිර මහජන පරිසරය හා යෙදවුම් අවධානයට ගැනීම. (ඓතිහාසික සැගවුම් නැත. සංවිධානය පිළිබඳ විවෘතව බලයි)


අවස්ථායික න්‍යාය (Situational Theory)

ජනතාව සිටී නම් සිද්ධිමය ක්‍රියා කරයි. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාවන් අවස්ථානුකූලව වෙනස් විය හැකිය. විවිධ ආකාරයෙන් ඒ අනුව හැසිරේ. මිනිසුන් විවිධ සිද්ධි මත ක්‍රියා කරයි. ඒ නිසා ක්‍රියාවන් අවස්ථානුකූලව වෙනස් වේ. එම ක්‍රියාවන් විවිධ ස්වරූප ගනී.

1. ප්‍රශ්නය හෝ ගැටලුව හඳුනා ගැනීම (Problem Recognition)

පුද්ගලිකත්වය මත සිදුවීම් ඇති කර ගන්නා වූ අවධානය. උදා- කිසිවෙක් යමක් වටහා ගන්නා ආකාරය අනස්ථායික න්‍යාය පැහැදිලි කරයි. ඔහුගේ පෞද්ගලිකත්වය දැනුම රුචි අරුචිකම් බලපාන ආකාරය බලපාන්නේ ද නැද්ද යන ගැටලූව හඳුනා ගැනීම විවිධ ස්වරුප ගත හැකිය. එබැවින් අවස්ථාපිත ගැටලුව හඳුනා ගැනීමහෝ අවබෝධ කර ගැනීම යනු සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ මහජන සම්බන්ධතා නිළධාරියා විසින් හෝ සන්නිවේදනය විසින් සියලුම කාර්යයන්හි පොදුවේ පිළිගත යුතු න්‍යායික කාරණයකි.

2. අවහිරතා හඳුනා ගැනීම හෝ පිළිගැනීම

යම්කිසි ගැටලුවක් වටා අවහිරතා පවතින බවත් එසේ වූ එවැනි ගැටලු වලට යම් පළිතුරු හෝ විසඳුම් ලබාදිය හැකි බවත්ය.

3. මැදිහත් වීමේ මට්ටම

මහජනයා කිසියම් ගැටලුවක් නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවේ සිටී. එබැවින් කිසියම් සිද්ධියක දී එය නිරාකරණය සඳහා වන මැදිහත්වීමක් කළ වශයෙන් හෝ පියවර වශයෙන් සිදුකළ යුතුය.


උත්කෘෂ්ඨතා න්‍යාය (Excellence Theory)

මෙය හඳුනා ගත්තේ 1992 දී James E. Gruning විසිනි. මෙය හඳුන්වන්නේ විද්‍යාර්ථයන් ඇසුරින් කරන ලද පර්යේෂණයක් මගිනි. එහි මූලික අදහස වන්නේ වඩාත් ඵලදායී මහජන සම්බන්ධතාවක් උදෙසා විශිෂ්ඨ හේතූන් සෙවීමයි. එහිදී විශේෂයෙන් මහජන සම්බන්ධතා සැලසුම්කරණය සහ තීරණ ගැනීමේ ඒකාබද්ධ ක්‍රම අවධාරණය කෙරේ. මෙහි නිර්වචනාත්මක අදහස වන්නේ ඵලදායී සංවිධානමය පරිසරය බලගැන්වීම උදෙසා මහජන සම්බන්ධතාවය විචාරාත්මක කලමනාකරණ ක්‍රියාවක් ලෙස භාවිතා කිරීමයි. මෙය වඩාත් ව්‍යාපාරික සන්නිවේදනයට අදාළ වන න්‍යායකි. මහජන සම්බන්ධතාවය පරිණාමය විය හැකි ආකාරය සෙයා බැලීමද මෙම න්‍යායෙහි මුඛ්‍ය අරමුණකි. රබැවින් සමස්ථ සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කෙරේ. ඊට අමතරව ප්‍රචාරණය හා මාධ්‍ය සම්බන්ධතා කලමනාකරණය විෂයෙහි බලපාන ආකාරය ද අවධානයට ගැනේ.

  • ඵලදායී සංවිධානය
  • මහජන සම්බන්ධතා බලගැන්වීම
  • විචාරාත්මක කලමනාකරණය

පරිණාමය විය හැකි ආකාරය පළිබඳ නිරීක්ෂණය වේ. මෙම න්‍යාය විසින් මතුකර සාකච්ඡා කරන සෙසු කාරණා මෙසේ හඳුනා ගත හැකිය.

  • සංවිධානය සහ මහඩන සම්බන්ධතාවය
  • උපාය මාර්ගික මහජනයා

ඉන් අදහස් කරන්නේ මහජන සම්බන්ධතා විෂය ක්ෂේත්‍රයෙහි ඒ ඒ කාර්යයන්ට අයත් පුරවැසියන් උපාය මාර්ගික ලෙස හැසිරිය යුතු බවයි. එමගින් විධිමත්ව හැසිරීම විද්‍යාත්මකව හැසිරීම සහ අදහස් ද උත්පාදනය වේ.

  • අරමුණු දිනා ගැනීම

අපේක්ෂාවන් වටිනාකම් අරමුණු බලාපොරොත්තු දිනා ගැනීම

  • සංවිධානය සහ මහජනයා අතර සහ සම්බන්ධතාවය විමසීම

සංවිධානයක් තුළ මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් තිබේ. ආයතනයක දිනා ගැනීමට අරමුණු ඇති අවස්ථා වල සම්බන්ධතාවය ගැන සාකච්ඡාව.

  • ඵලදායී නොවන ප්‍රචාරණය සඳහා වැය කරන ප්‍රතිපාදන හෝ මුදල් අඩු කිරීම
  • නිශ්පාදන හා සේවා සම්බන්ධ ආදායම් වැඩි කර ගැනීම

ඊට අමතරව,

  • මහජන සම්බන්ධතාවය අගයන් උපරිම කර ගැනීම සිදු කරන්නේ කෙසේද යන්න මෙම න්‍යාය පදනම් තර සොයා පැලිය හැකිය
  • දීර්ඝ කාලීන සම්බන්ධතා සමමිතික සන්නිවේදන ක්‍රමයේ වැඩසටහනක් ඇසුරින් ගොඩනැගීම

මෙම න්‍යායට මට්ටම්/ තල කිහිපයකින් මෙම ආකෘතිය දෙස බැලිය හැකිය.

  • වැඩ සටහන් මට්ටම්

වැඩසටහන් මට්ටමේ දී උත්කෘෂ්ට න්‍යාය යටතේ ඵලදායී සංවිධාන සහ විචාරාත්මක කලමනාකරණය යන්න ඉදිරියට ගත යුතු බව පෙන්වා දෙයි. විචාරාත්මක කලමනාකරණය යන්නෙන් ඉතා ගැඹුරින් සහ විචක්ෂණ ලෙස සංවිධානමය ක්‍රියාවලීන් සාකච්ඡා කොට කලමනාකරණය කිරීමේ ඇති අවශ්‍යතාවය පෙන්වා දෙයි.

  • ක්‍රියාකාරී මට්ටම

ඒකාබද්ධ සහ විසන්ධි වූ සන්නිවේදන ක්‍රියාවන් වඩාක් විශිෂ්ඨ තලයක තබා ඵලදායී සංවිධානාත්මක කාර්යය උදෙසා භාවිතා කිරීමේ ඇති වැදගත්කම මෙම මට්ටම යටතේ අවධාරණය කෙරේ. විශේෂයෙන් කලමනාකරණ ක්‍රියාවලියේ සිට ඒකාබද්ධ සහ විසන්ධි වූ දේ හෝ ක්‍රියා ඒකාබද්ධ සන්නිවේදනය මගින් අර්ථ ගැන්විය යුතුය. එවිට වඩාත් විශිෂ්ට වූ ආයතනයක ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව ලැබේ.

  • සංවිධානමය මට්ටම

අභ්‍යන්තර සහ භාහිර සන්නිවේදනය පදනම්ව ඵලදායී සංවිධාන උත්කෘෂ්ඨ ලෙස ගොඩනගා ගැනීමේ ඇති වැදගත්කම මෙමගින් පැහැදිලි කෙරේ. මේ පිළිබඳ ඨරමබසබට විසින්ම පෙන්වා දෙන ද්විමාර්ග සමමිතික ආකෘතිය ප්‍රධාන කොට විචාරයට ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

  • සමාජමය මට්ටම

සංවිධාන සහ මහජනයා මත ඇති කෙරෙන බලපෑම් හඳුනා ගැනීම වැදගත් පළමුව පැහැදිලි කරයි. විවිධ බලපෑම් සංවිධානයක් තුළින් මහජනයා වෙත ගලායා හැකිය. විශේෂයෙන් කවර හෝ සංවිධානයක් අදාළ සමාජය මත තබා මැන බැලීමේ ඇති උවමනාව මෙයින් අදහස් කෙරේ. ඊට අමතරව සමාජ වගකීම් වටහා ගැනීම යන්න ද සමජන සම්බන්ධතාවයේ දී ඉතා වැදගත් බව මේ යටතේ පෙන්වා දෙයි.


No comments