TOP POSTS

METHOD OF PUBLIC RELATION



මහජන සම්බන්ධතා විධික්‍රම


මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ම වඩාත් සරළ මට්ටමින් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රමාණවත් මහජන සම්බන්ධතා විධික්‍රම භාවිතයට ගෙන තිබූ බව පැහැදිලි වෙයි.  ක්‍රමක්‍රමයෙන් සමාජය හා සමාජ අවශ්‍යතා සංකීර්ණ වීමේදී මෙම විධික්‍රම විද්‍යාත්මක පදනමක් යටතේ වර්ධනය වන්නට වෙයි. රටින් රටට සමාජයෙන් සමාජයට සංස්කෘතියෙන් සංස්කෘතියට මෙම විධික්‍රමවල යම් යම් වෙනස්කම් තිබුණ ද ඒවායේ පොදු ද පරමාර්ථය එකක් ම වේ. සමස්තයක් වශයෙන් ගත් කළ මහජන සම්බන්ධතා විධික්‍රම පහත සඳහන් පරිදි වර්ගීකරණයකට ලක් කළ හැකියි.

  • සමාජ අවශ්‍යතා සංකීර්ණ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ වඩාත්  ප්‍රායෝගික හා සරල මහජන සම්බන්ධතා විධික්‍රම
  • සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයත් සමග ජනමාධ්‍ය පදනම් කරගෙන බිහි වූ මහජන සම්බන්ධතා විධික්‍රම 
  • සන්නිවේදන තාක්ෂණයේ උපරිමය තුළ නව මාධ්‍ය භාවිතයත් සමඟ බිහිවූ මහජන සම්බන්ධතා විධික්‍රම 

මෙම වර්ගීකරණය තුළ මුල් වර්ග වර්ගීකරණය පිළිබඳව විමසන විට වඩාත් සරල එහෙත් ප්‍රායෝගික මහජන සම්බන්ධතා විධික්‍රම රැසක් හා හඳුනාගත් හැක.

  • සාකච්ඡා
  • රැස්වීම්
  • සම්මන්ත්‍රණ හා වැඩමුළුමුළු
  • ආගමික වැඩ වැඩසටහන් 
  • ප්‍රදර්ශන
  • තරග
  • අනුග්‍රාහකත්ව දැන්වීම්
  • දායකත්වය
  • සංග්‍රහශීලීත්වය
  • චාරිකා

සමස්තයක් වශයෙන්  ගත් කල  ඉහත විධික්‍රම  ඔස්සේ ශ්‍රී ලාංකික සමාජය තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද මහජන සම්බන්ධතා විධික්‍රම ක්‍රියාත්මක විය. සන්නිවේදන තාක්ෂණය වර්ධනය වූව ද මෙම මුල් ප්‍රවර්ගයේ විධික්‍රම තවමත් භාවිතයේ පවතින බව පෙන්වා දිය හැකිය. ඊට හේතුව වන්නේ ඒ තුළ පවතින ප්‍රායෝගිකත්වය යි. ඒ නිසා ජනමාධ්‍ය සහ නව මාධ්‍ය මහජන සම්බන්ධතාවය සඳහා වර්තමානයේ ප්‍රබල ව භාවිතයට ගැනුණ ද මෙම මුළු වර්ගයේ විධික්‍රමයන් භාවිතයෙන් ඉවත් වී ඇතැයි කිව නොහැකිය.  විශේෂයෙන් ම දැන්වීම්කරණයඅලෙවිකරණයවාණනිජකරණය සහ මහජන සම්බන්ධතාව අතර සියුම් වෙනසක් පවතින බව අප වටහා ගත යුතුයි. ඒ අනුව මහජන සම්බන්ධතාව තුළ ඉහත විධික්‍රමයන් වඩාත් ඵලදායි ලෙස භාවිතයට ගන්නා අවස්ථා වර්තමානයේ ද දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් ප්‍රදර්ශන පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කළ බවත් විවිධාකාරයේ ප්‍රදර්ශන ජාතික ජාත්‍යන්තර මට්ටමින් වර්තමානයේ ද දැකගත හැකිය. ඒ අතර කර්මාන්ත ප්‍රදර්ශනසෞඛ්‍ය ප්‍රදර්ශන මෙන්ම දේශීය අත්දැකීම් අනුව සාකච්ඡා කළ හැකි ගම්උදාව ප්‍රදර්ශනදැයට කිරුළ ප්‍රදර්ශන ආදිය තුළ පුළුල් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් දැකගත හැකිය.

මීළඟට අපගේ අවධානය යොමුවන වන්නේ දෙවන වර්ගයේ මහජන  සම්බන්ධතා විධික්‍රම හදුනා ගැනීම කෙරෙහිය. මෙහිදී සිදුවන්නේ මහජන සම්බන්ධතා සඳහා උපාය මාර්ගයක් වශයෙන් ජන මාධ්‍ය භාවිතයට ගැනීමයි. එහිදී පුවත්පත් ගුවන් විදුලියය රූපවාහිනිය මුල් ම තැනක් ගනී. තාක්ෂණිකව මහජනතාව වෙත වඩාත් ව වැදගත් තොරතුරු හදිසි තොරතුරු ඉදිරිපත් කිරීමේදී ගුවන් විදුලිය තුළ ක්ෂණික බවක් වේගවත් බවක් දක්නට ලැබේ. ගුවන්විදුලියේ මගින් ක්ෂණිකව විශේෂ ප්‍රවෘත්තිවිශේෂ තොරතුරුවිශේෂ නිවේදන ඉදිරිපත් කළ හැකියාවක් මෙන්ම විවිධ විෂය අනුබද්ද ආයතන වලට පුද්ගලයින්ට රජයට මහජන සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ගුවන් විදුලිය උපකාරී වෙයි.රූපවාහිනී මාධ්‍ය මගින් එවැනි අවස්ථා වලදී වඩාත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කරමින් මහජන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා අවස්ථාව සැලසේ. ක්ෂණිකව තොරතුරු සම්පාදනය සඳහා ප්‍රායෝගිකව පුවත්පත්ට අවස්ථාවක් නොතිබුණාද  පුවත්පත ද දිගුකාලීන මහජන සම්බන්ධතා මෙවලමක් ලෙස වාණිජ ලෝකය තුළ ද භාවිතයට ගැනේ. විශේෂයෙන්ම භූචලනගං ගංවතුරනාය යෑම්සුනාමිහදිසි අනතුරු වැනි අවස්ථාවලදී ගුවන්විදුලියට සහ රූපවාහිනියට විශේෂ හැකියාවක් ඇත. එමෙන්ම ප්‍රචාරණය සඳහා මෙම මාධ්‍යයන් භාවිතයට ගනිමින් වාණිජ ආයතන මෙම මාධ්‍ය ඔස්සේ පුළුල් මහජන  සම්බන්ධතාවයක් ගොඩනඟා ගනී. සිනමාව ඉහත මාධ්‍යයන් තරම් ප්‍රබල නොවුනදණ ද ලෝකයේ දියුණු රටවල මහජන සම්බන්ධතාවය සඳහා භාවිතයට ගැනෙන බව දැකිය හැකිය.

මහජන සම්බන්ධතා විධික්‍රම අධ්‍යයනය කිරීමේ දී තුන්වන අදියර තුළ අප අවධානය යොමු කරන්නේ නව මාධ්‍ය සම්බන්ධව ගොඩ ගොඩනැඟී ඇති මහජන සම්බන්ධතා විධික්‍රමයන් පිළිබඳවයි. සන්නිවේදන තාක්ෂණයේ උචිතම අවස්ථාව ලෙස වර්තමානයේ සඳහන් කළ හැක්කේ අන්තර්ජාලය ප්‍රභවයයි. ඒ අනුව අන්තර්ජ්තර්ජාලය ඇසුරු කරගෙන එහි විවිධ සන්නිවේදන ක්‍රියාකාරකම් ඔස්සේ මහජන සම්බන්ධතා ප්‍රවණතා ගොඩනැගී ඇත. එහිදී තාක්ෂණිකව සහ විද්‍යාත්මකව තොරතුරු සන්නිවේදනය කර ගැනීම සඳහා අවස්ථාව සැලසී ඇත. විද්‍යුත් තැපෑලවිවිධ වෙබ් අඩවිසමාජ ජාල ආදිය පදනම් කරගෙන ජාත්‍යන්තරව මහජන  සම්බන්ධතාව වඩාත් පුළුල් හා සංකීර්ණ ලෙස ක්‍රියාත්මක වේ. අන්තර්ජාලය සමස්ථ විශ්වය තුල  ප්‍රබල සන්නිවේදන පෙරළියක් සිදු කොට ඇත. ඒ ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ මහජන සම්බන්ධතාවය සඳහා ඇති අවකාශයය පුළුල් වී ඇත. වෙබ් අඩවි ජාත්‍යන්තර සහ සම්බන්ධතා තහවුරු කරගැනීම සඳහා යන තොරතුරු ගවේෂණය කිරීම සඳහා ඇති ප්‍රබලතම සන්නිවේදනය ක්‍රම උපායකි. ලෝකයේ විවිධ ආයතන ක්ෂණයකින් නිරීක්ෂණය කර ගැනීම සහ ඒ හා සම්බන්ධ වීමට හේතුව අවස්ථාව ඇත. සමාජ ජාල ඔස්සේද පුළුල් මහජන සම්බන්ධතා සඳහා ඉඩකඩ ඇති අතර මොහොත්ක් පාසා එම සම්බන්ධතා යහපත් යාවත්කාලීන වෙමින් පවතී. මෙම සන්නිවේදන ක්‍රම උපායන්ට අමතරව අන්තර්ජාලයය තුල නව ක්‍රමෝපායන්නව ප්‍රවණතා ඔස්සේ වර්ධනය වෙමින් පවතී. එහෙත් ප්‍රවේසම් විය යුත්තේ අන්තර්ජාලය තුළ ඇති අහිතකර ක්‍රියාකාරකම් පිළිබඳවයි. නව මාධ්‍ය පිළිබඳව අධ්‍යනය කිරීමේදී අන්තර්ජාලය පමණක් නොව ජංගම දුරකථනය ද ඒ හා සම්බන්ධ නව මහජන සම්බන්ධතා විධික්‍රමයක් ලෙස හඳුනාගත හැකිය. ජංගම දුරකථනය ද මහජන සම්බන්ධතා ගොඩනැගීමේ දී ප්‍රබල සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතයට ගත හැකි අතර ඒ ඔස්සේ සිදුවන අහිතකර ක්‍රියාකාරකම් පිළිබඳව ද අප අවධානය යොමු කළ හැක. ඉහත කරුණු නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ මහජනසම්බන්ධතා විධික්‍රම සහ සන්නිවේදන තාක්ෂණය වර්ධනය අතර අවියෝජනීය සම්බන්ධතාවක් පවත්නා බවයි. කෙසේ නමුත් අනාගත ලෝකය තුළ තවදුරටත් සන්නිවේදන තාක්ෂණය වර්ධනය වීමේ දී මහජන සම්බන්ධතා විධි ක්‍රමයන් හීදි නව ප්‍රවණතා බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.  ඒ අනුව මහජන සම්බන්ධතා විධික්‍රම අධ්‍යයනය කිරීම් ම තවදුරටත් පුළුල් වන බව අවසාන වශයෙන්  පෙන්වා දිය හැක.

No comments