TOP POSTS

MARKETING

 


අලෙවිකරණය


අලෙවිකරණය සම්බන්ධයෙන් මූලිකම අර්ථ   විවරණය ඉදිරිපත් කරනු ලැබුවේ පිලිප් කොට්ලර් විසිනි. ඒ අනුව අලෙවිකරණ ක්‍රියාවලිය ලෙස අර්ථ විවරණය වනුයේ කිසියම් වූ ව්‍යාපාරික ක්‍රියාවලියකි. ව්‍යාපාරයක් තුල මූලික ඉලක්කගත කොට්ඨාසය වනුයේ පාරිභෝගික ප්‍රජාවය. අලෙවිකරණයේ  ප්‍රධානතම ඉලක්කය වනුයේ පාරිභෝගිකයන්ය.එහි පාරිභෝගිකයින් උපරිම වශයෙන් තෘප්තිමත් කිරීම අතිශයින් වැදගත්ය. එහිදී වඩාත් වැදගත් වනුයේ පාරිභෝගිකයා යනු කවුරුන්ද යන්නයි. ඒ හරහා අලෙවිකරණ වෙළඳපල ඛණ්ඩනය කළ හැකිය. අලෙවිකරණයේ පොදු මූලික පරමාර්ථය වනුයේ තමාට උපරිම ලාභයක් ලැබෙන පරිදි මෙන්ම තමාගේ පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත් කිරීමය.

මේ අනුව අලෙවිකරණය වනාහි ව්‍යාපාරයේ හදවත් බඳුයැයි නිර්වචනය කරන පාරිභෝගිකයා මිලට ගැනීම්යි. එය  ව්‍යාපාරිකයා මෙන්ම   පාරිභෝගිකයා අතර ඇතිවන ලාභදායී  සම්බන්ධතාවක්  ලෙස අර්ථ දැක් දැක්විය හැකිය.

කෙසේ වුවත් අලෙවිකරණ ක්‍රියාවලිය තුළ මූලික පරමාර්ථයන් කිහිපයක් පවතී.

1. පාරිභෝගික අපේක්ෂා කරනු ලබන වටිනාකම් නිර්ණය කිරීම

2. බෙදාහැරීම

3.  තෘප්තිමත් කිරීම

4.  පහසු මිලට ආකර්ෂණය වීම

අලෙවිකරණ ක්‍රියාවලිය තුළ මූලිකත්ව පරමාර්ථය වනුයේ පාරිභෝගිකයා උපරිම තෘප්තියකට පත්කිරීමයි.  ඒ නිෂ්පාදනය සම්බන්ධයෙන් පාරිභෝගිකයා තුළ පෙළඹවීමක් ඇති කිරීම සාර්ථක උපක්‍රමයකි. පාරිභෝගිකයා  ප්‍රමුඛතම ඉලක්ක කරගත් නිෂ්පාදන ක්‍රියාවලිය නිරතවන ව්‍යාපාරික ප්‍රජාව පාරිභෝගිකයා විසින් අපේක්ෂිත වටිනාකම් නිර්මාණය කිරීම අලෙවිකරණය හරහා සිදු කරයි.

එසේම කිසියම් ව්‍යාපාරයක් හරහා  නිෂ්පාදනය කරනු ලැබූ නිෂ්පාදිතයන් ඔවුන්ගේ  ඉලක්ක ගත කොට්ඨාසය වන පාරිභෝගික ප්‍රජාව අරභයා  යොමු කරනු  ලබනුයේ බෙදාහැරීම හරහා ය. එබැවින්   අලෙවිකරණ ක්‍රියාවලිය සියයට සීයක් සාර්ථක කර කර ගැනීමට නම් බෙදාහැරීම සාර්ථක විය යුතුය. 

අලෙවිකරණ ක්‍රියාවලියේ ප්‍රධාන හා ප්‍රමුඛතම සාධකය වනුයේ තෘප්තිමත් කිරීමයි. කිසියම් භාණ්ඩයක් මිලට ගන්නා පාරිභෝගිකයින් සෑහීමට පත් වීම මෙහි සරලම අර්ථය ලෙස විග්‍රහ කළ හැකිය. තෘප්තිමත් කිරීම් මත පද පදනම් වී ‍   ව්‍යාපාරික ක්‍රියාවලිය ඛණ්ඩනය කිරීමේ හැකියාවක් පවතී.

අනෙක් සාධකය නම් පහසු මිලට ආකර්ශනය වීමයි. කිසියම් භාණ්ඩයක් මිලට ගන්නා පාරිභෝගිකයා වඩාත් රුචිකත්වයක් දක්වනුයේ මිල අවම නමුත් උසස් ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ මිලට ගැනීමටය. නමුත් තරගකාරීත්වය පදනම් කරගෙන එම නිෂ්පාදනයන් හා මිල ගනන් අලෙවිවනුයේ නිෂ්පාදිත මිලට සාපේක්ෂව ය. ඒ  අනුව අලෙවිකරණය තුළ වඩාත් වැදගත් සාධකයක් ලෙස මෙය හඳුනාගත් හැකිය.


No comments