PUBLIC SPEAKING
මහජන කථනය
මහජන කථනය යනු කිසියම් නිශ්චිත කාලයක නිශ්චිත පිරිසක් නිශ්චිත අපේක්ෂාවන් වෙනුවෙන් කථිකයකු විසින් කථනයට මැදිහත් කර ගැනීමයි. මෙය උපාය මාර්ගික කළමනාකරණ සන්නිවේදනයේ දී ඉතා වැදගත් වන්නකි. සාමූහිකත්වය සහ ගිවිස ගැනීම මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ දෙකකි. මහජන ඇමතුම් අවස්ථාවක සාමූහිකත්වය තිබේ. ඊට අමතරව පත්‍රිකා බෙදීම, දැන්වීම් පල කිරීම මගින් ද සම්බන්ධතා අවස්ථාවන් වේ. කථනය යනු කෙළින්ම කතා කිරීමයි. මහජන කථනය අවස්ථාවන් ඇති වන්නේ උද්වේගකර ආයතනික හෝ සමාජමය අවස්ථාවන් පදනම් කරගෙනය. ඒ අනුව අනාරක්ෂිත ආමන්ත්‍රණය යන්න එවන් අවස්ථාවක කැපී පෙනෙන ස්වභාවයන්ය.
උදා - වෘත්තීය සමිති අතර ඇති වන
ගැටීම්
මහජන කථනය ප්‍රධාන ආකාර 3 කින් දක්නට
ලැබේ.
- තොරතුරු දැක්වීම
කිසියම් කථිකයකු සිය කතාව තොරතුරු දැක්වීමක් උදෙසා භාවිත කරන්නේ නම් පැහැදිලි කිරීම, වාර්තා කිරීම, සවිස්තරාත්මකව දැක්වීම හා නිවැරදිතාවය උදෙසා භාවිතයට ගනී.
- පොළඹවා ගැනීම
පොළඹවා ගැනීම සඳහා කතා කිරීම එවැනි අවස්ථා වල දක්නට ලැබෙන ලක්ෂණය ඒත්තු ගැන්වීම උදෙසා කතා කිරීම ඒ සඳහා අධි ආකර්ෂණීය භාෂා ව්‍යවහාරයක් භාවිත කෙරේ. විශ්වාසයන් තහවුරු කිරීම සහ ආකල්ප පෙළඹවීම් මහජන කථනය අවස්ථාවක දැකිය හැකිය.
- විනෝදාත්මක මහජන කථනය
විනෝදාත්මක මහජන කථන අවස්ථාවල හාස්‍ය උත්පාදනය ඔස්සේ සමූහයාව ආකර්ෂණයට නතු කර ගැනීමට කථිකයා උදෙසා කරයි. හැඟීම් ගැන කතා කිරීම, කතාන්දරයක ස්වරූපය ගැනීම වැනි ලක්ෂණ දැකිය හැකිය. මීට අමතරව මහජන ඇමතුම් අවස්ථාවන් සීතල, උණුසුම් සහ නීරස වශයෙන් ප්‍රභේද කොට දැක්විය හැකිය.
සීතල යන්නෙන් අදහස් කරන්නේ තාර්කිකව විශ්වාසනීයව විචාරශීලීව බුද්ධිමත්ව සහ
විශේෂිතව ප්‍රේක්ෂකයා දිනා ගැනීමයි. වඩා හොඳ මහජන අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව
හැඳින්විය හැකිය.
උණුසුම් යනු හැඟීම් දැනවීම, ප්‍රතිරූපය දැක්වීම, ආවේගශීලී වීම
නිර්භීත හෝ සාහසික වීම වැනි ලක්ෂණ ප්‍රකට කරන මහජන ඇමතුම් අවස්ථාවන්ය.
නීරස හෝ වියළි අවස්ථාවක ඇති ස්වභාවය කථිකයා ප්‍රවේශමෙන් කතා කරයි. අනාවැකි
දක්වන ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කරයි. එසේම දෙගෙඩියාවක් ද දැකිය හැකිය.
මහජන කථන අවස්ථාවක අනුපළිවෙලින් යුතු දළ පිටපතක් ළඟ තබා ගැනීම වැදගත් කොට
සැළකේ. එසේ කිරීම විධිමත්භාවයේ ලක්ෂණයයි. ඊට අමතරව මතකයෙන් කියන්නේ නම් ඒ සඳහා ද
කිසියම් සූදානම් වීමක් අවශ්‍ය වේ. එසේ නොවන්නේ නම් කතාවෙන් අපේක්ෂිත අරමුණු ඉටු
නොවිය හැකිය.
මහජන කථන අවස්ථාවක ප්‍රේක්ෂකයා රඳවා ගැනීම උදෙසා තාර්කිකත්වය භාෂණ
පෞර්ෂත්වය සහ සහවේදනය ඉතා වැදගත් වේ. බුද්ධිමත් බව සමාජ අත්දැකීම් සහිත භාෂණ
පෞරුෂය ද තමන් සේම අන්‍යන්ද දැකීමට සහ පිළිගැනීමට ඇති හැකියාව එසේත් නොමැති නම් ප්‍රේක්ෂකයා
හා සමපාතී වීම වේ. ඊට අමතරව ප්‍රබුද්ධභාවය ඉතා අවශ්‍ය වේ. එසේම උත්තරීතරභාවය ද හොඳ
කථිකයකු තුළ තිබිය යුතු ලක්ෂණයකි.
අනෙක් කරුණ නම් සුවිශේෂීභාවය පොදු කථිකයන්ගෙන් වෙනස්ව කැපී පෙනෙන ලකෂණ සහිත
බව මෙමගින් කෙරේ. තමන්ගේ ප්‍රේක්ෂකයා දිනා ගැනීම උදෙසා කථනයට අමතරව ශ්‍රව්‍ය දෘශ්‍ය
මෙවලම් භාවිතා කළ හැකිය. එමෙන්ම නිදසුන් දැක්වීම ද මහජන කථන අවස්ථාවක උපාය මාර්ගික
ක්‍රම උපායක් වේ. දත්ත ගෙන හැර පෑම, සාක්ෂි දැක්වීම යනාදිය ද එහිලා වැදගත් වේ. ප්‍රේක්ෂකයාගේ අවධානය දිනා ගැනීම
කවර හෝ කථිකයකුගේ ප්‍රධාන අරමුණ විය යුතුයි. කතාවෙහි මුල මැද අග වටහා ගැනීමට ප්‍රේක්ෂකයාට
මනා සහයක් ලබා දීම කථිකයාගේ යුතුකමකි. මධ්‍යගත අදහස් වලින් සමස්ථ කතාව බල ගැන්වීම
ඉතා හොඳ කථිකයකුගේ ලක්ෂණයකි.
මහජන කථනයේ ශාරීරික භාෂාව ඉතා වැදගත් අංගයකි. මනෝ විද්‍යාත්මක සහ සන්නිවේදන
විද්‍යාත්මක පිළිගැනීම වන්නේ කිසියම් කතාවක වාචික බව 7% ශක්තියක් ද හඬෙහි ද්වනිය 38% ගුණයක් ද
වාචික නොවන ප්‍රකාශනය 55% ගුණයක් ද දරණ
බවයි.
No comments