TOP POSTS

INTERPERSONAL COMMUNICATION

 

පුද්ගල අන්තර් සන්නිවේදන සම්බන්ධතා

සන්නිවේදන වර්ගීකරණය තුළ එන ප්‍රධාන මහජන සම්බන්ධතාවට අදාළව විෂය ක්ෂේත්‍රයක් ලෙස පුද්ගල අන්තර් සම්බන්ධතා හැඳින්විය හැකිය. මෙය ප්‍රධාන වශයෙන් අදහස් කෙරෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වන සන්නිවේදන සම්බන්ධතාවයයි. එසේ වුව තිදෙනෙකු හෝ සිව් දෙනෙකු එකට ගමන් කිරීම වැඩක යෙදීම වැනි අවස්ථා වල පුද්ගල අන්තර් සන්නිවේදනය දැක්විය හැකිය. මානව සන්නිවේදනයේ ක්‍රියාකාරකම් වල ඉතා වැදගත් අවස්ථාවක් ලෙස පුද්ගල අන්තර් සන්නිවේදනය සැලකේ. ස්වීයත්වය පුද්ගලයෙක් හා තවත් පුද්ගලයකු අතර සහ කණ්ඩායම් සාමාජිකයන් අතර පුද්ගලාන්තර සම්බන්ධතා පැවතිය හැකිය. පුද්ගලාන්තර සම්බන්ධතා අවස්ථා ලෙස පවුලේ සහ ඥාතීන් අතර විවාහකයින් අතර ආදරවන්තයින් අතර රැකියා වල නියුතුවන් අතර සහෝදර සහෝදරියන් අතර ප්‍රධාන වශයෙන් සරල සමාජයක සම්බන්ධතා දැකිය හැකිය. පුද්ගලාන්තර සම්බන්ධතා වලදී පෞද්ගලිකත්වය සංවර්ධනය වීම ප්‍රධාන කොට දැකිය හැකිය.

දෙවනුව සන්නිවේදන ආස්වාදය පුද්ගලාන්තර සන්නිවේදනයේ දී වර්ධනය වේ. මීට අමතරව සන්නිවේදන ආරක්ෂණය විවිධ විෂය පිළිබඳ අවබෝධය පුද්ගලාන්තර අතර අවස්ථා ඉටු කර ගැනීම සහ පුද්ගල අනන්‍යතා තහවුරු කර ගැනීම වැනි ක්‍රියාකාරකම් සිදු වේ. පුද්ගලාන්තර සන්නිවේදන අවධානය යන්න විශේෂයෙන් කැපී පෙනේ. කායික වශයෙන් ඇති සමීපතාවය පුද්ගලාන්තර සන්නිවේදනයේ අවධානය දිනා ගන්නා පළමු අවස්ථාවයි.

අවධානය දිනා ගන්නා තුන්වන කරුණ කායික ආකර්ශනය පුද්ගලයාගේ බාහිර පෙනුම අදහස් කරයි. එම අවස්ථාවන් අනුව ඇඳුම වෙනස් වීම බාහිර ස්වරූපය වෙනස් වේ. අනෙක් නරුණු දෙදෙනා අතර පවත්නා සම්බන්ධතාවය පුද්ගලාන්තර අවධානය සහ ආකර්ශනය වැදගත් සාධකයකි. ඉන් අදහස් කරන්නේ කවර තරාතිරම් වල පුරවැසියන් වුවද පුද්ගලයන්ගේ සන්නිවේදනයේ දී දෙදෙනා අතර පවත්නා සමානතාවයන් පුද්ගලාන්තර සන්නිවේදනයේ සාර්ථකත්වයට බලපාන බවයි.

මීළඟ කාරණය අන්‍යෝන්‍යතාව, සහයෝගීතාවයයි. පරස්පරතා අවම වන ලෙස හැසිරීමයි. මෙයින් අදහස් කරන්නේ ද ඓතිහාසික හෝ වෙනත් දුරස්ථතා හෝ පරස්පරතා අවධානයට නොගැනීමත් පරස්පරතා ඇති වීම අවම කර ගැනීමත්ය. අනෙක් කරුණ තත්වාරෝපනය යන්නයි. මෙයින් අදහස් කරන්නේ යම් සමාජමය හෝ සන්නිවේදනමය තත්වයක් හෝ මට්ටමක් පවත්වාගෙන යාමයි. නිදසුනක් ලෙස කේන්තිය හෝ විරෝධතාවය නොවන ලෙස හැසිරීම දැක්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදන සම්බන්ධතාව යන්නේ දී ආදරය යන්න ඉතා වැදගත් සමාජ ව්‍යවහාරයකි. රොබට් සී බර්ට් ආදරය පිළිබඳ ප්‍රධාන ප්‍රවේශ 3 ක් දක්වයි. පළමු වැන්න දැඩි මිත්‍රතාවය යන්නයි. එසේ නොමැති නම් ඉතා කිට්ටු ඇගෑලුම්කම් සහිත නිරන්තරව සිදු කරන සමීප ගණුදෙනුවයි. (Intermicy) මෙහිදී පවුල් භුක්තිය අන්‍යෝන්‍ය උපකාරය නිරන්තර සන්නිවේදනය සහ විශ්වාසය යන සම්බන්ධතා දැකිය හැකිය. ඔහු දක්වන දෙවැන්න රාගය යන්නයි. (Passior) එයින් අදහස් කරන්නේ ආදර සම්බන්ධතාවයන්හි දී මහත් ලැදිකමකින් කාමාශාවෙන් කටයුතු කිරීමයි. එය හුදෙක් ශාරීරික වන්නක් ද නොවේ. බොහෝ විට හැඟීම් සම්බන්ධව ද සිදු වේ. ඔහු දක්වන තුන්වැන්න එකඟතාවය හෝ පොරොන්දු වීම යන්නයි. එයින් කියවෙන්නේ කාලීන ඇති කර ගන්නා වූ පොරොන්දුවකි. මෙවැනි සම්බන්ධතා අවබෝධයෙන් කිරීම පිළිබඳ නූතන සමාජයේ පුද්ගලාන්තර සන්නිවේදනය අධ්‍යයන පවතී.

මෙවැනි සම්බන්ධතා වලට ප්‍රධාන බාධක 3ක් දැක්විය හැකිය. පළමුවැන්න සමාජ සංස්කෘතිකත්වය දෙවැන්න ස්ථානමය බාධකය. තුන්වැන්න පුද්ගල බාධකය යන්නයි.


No comments