TOP POSTS

MARKETING OF COMMUNICATION


අලෙවිකරණ සන්නිවේදනය


බ්‍රිතාන්‍ය විවහාරික ශබ්දකෝෂය දක්වන ආකාරයට භාණ්ඩ හා සේවා එහි සංකල්පයේ සිට පාරිභෝගිකයා දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලියයි.  එහි ආරම්භක සංකල්පයේ සිට පාරිභෝගිකයා වෙත අලෙවිය දක්වා සමස්ත ක්‍රියාවලිය අලෙවිකරණය ලෙස දක්වා තිබේ.

මෙහි ඇති මූලිකම හරය වනුයේ කිසියම් වූ ව්‍යාපාරයකයක දී භාණ්ඩ හා සේවා සේවාදායකයාගේ සිට පාරිභෝගිකයා වෙත ළඟා කිරීමේ ක්‍රියාවලියේ දී එකී සමස්ත ක්‍රියාවලිය පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් සිතා ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවය හා තෘප්තිමත්භාවය ප්‍රයත්න කොට ක්‍රියාත්මක වීමයි.

දහනවවන සියවසේ මුල්භාගයේදී නිෂ්පාදන මුල්කරගත් වෙළඳ ක්‍රමය ක්‍රියාත්මක විය. එය ඇමරිකානු සමාජයේ 1850- 1930  අතර කාලයේ දී ඇති වූ කාර්මික විප්ලවයත්යේ ආරම්භක කාලයයි.මේ අයුරින් බිතාන්‍ය හා යුරෝපයේ විවිධ භාණ්ඩ හා සේවා  නිෂ්පාදනය කරන පිරිස් හා  නිෂ්පාදකයන් ඉහළ ගියේය. උදාහරණයක් ලෙස තෝමස් අල්වා එඩිසන් බල්බය සොයාගැනීමෙන් පසුව ඔහු විසින් සොයාගත් සියලුම භාණ්ඩ සමාජයට අලුතින් හඳුන්වා දීමෙන් විකිණීමෙන් ලාභයක් ලබාගත හැකි ඒවා විය. ඔහු විසින් සොයාගත් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය හා කැමරාවද එලෙස ලාබ ඉපයූ හැකි නව නිෂ්පාදනයක් විය.

ඊට අමතරව   ජෝර්ජ්  ඊස්මන් දළ සේයා පටය සොයා සොයා ගැනීමෙන් පසුව එය විශාල වූ ව්‍යාපාරයක් බවට පත්විය. ඔහු ගැලපෙන කැමරාවක් ද නිපදවා කොඩැක් ලෙස සිය නිෂ්පාදනය අලෙවි කරන්නට විය. එහිදී ඔහු භාවිත කළ තේමා පාඨය වූයේ ඔබ බොත්තම ඔබන්න ඉතිරි ටික අපි බලාගන්නම් යනුවෙනි.

මුල් යුගයේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා දැඩි  තරගකාරිත්වයක් නොතිබුණි.එක් පුද්ගලයෙක් එක් භාණ්ඩයක් පමණක් නිපැයු අතර අනික් අය එකිනෙකට වෙනස් භාණ්ඩ නිපදවීය. නමුත් පසුකාලීනව වැඩි දෙනෙක් එකම භාණ්ඩය නිපැයුමට පටන් ගත්හ. ඒ අනුව විකුණුම් මුල් කරගත් වෙළෙඳ සමාජයක් බිහිවිය. 1930 වනවිට ඇමරිකාවේ කාර්මික විප්ලවයේ අවම අවපාතයක් ඇති විය. එහිදී කර්මාන්ත  ශාලාවල හෝ රැකියාවේ ආයතන වල මිනිස් ශ්‍රමය අඩුකර ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගන්නට විය. මෙහිදී විරැකිය වර්ධනය වූ අතර නිපැයු භාණ්ඩ හා සේවා මිලදී  ගැනීමට තරම් වත්කමක් තිබෙන පාරිභෝගික කණ්ඩායමක් නොසිටියහ.භාණ්ඩවල අතිරික්තයක් නිර්මාණයය වනුයේ මේ සමඟයි.

මේ සඳහා විකල්පයක් ලෙස ඔවුන් ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරන්නට විය. ඒ ඔස්සේ පාරිභෝගිකයන් නැවත භාණ්ඩ මිලට ගැනීම් සඳහා  මුහුකරවයි. එය ආරම්භරම්භ වූයේ විකුණුම් ප්‍රවර්ධනය යුගයයි. මෙහිදී පාරිභෝගිකයා වැඩි වශයෙන් භාණ්ඩ සඳහා රැවටේ. යමක් මිලට ගත් විට එහි හි ප්‍රකාශ කරන ගුණය දක්නට නොලැබේ. එලෙස මිනිසුන් දැක්වූ පසු නැවත එම භාණ්ඩයට මිලට නොගනී. එම නිසා නැවතත් වෙළඳපල තුල භාණ්ඩ අතිරික්තයක් නිර්මාණයය වේ. මහජන විශ්වාසය බිඳ වැටීම් නිසා මිනිසුන් භාණ්ඩ මිලට ගැනීමට බිය විය.

පසුගිය සමයේ Fonterra සමාගමේ ඇන්කර් කිරිපිටි නිෂ්පාදනය සඳහා පැවැති ජනතා විශ්වාසය බිඳ වැටීම. වෙළෙඳපොළ තුළ අලෙවිකරණයේ දී පාරිභෝගිකයාට බොහෝ බලපෑම්ක් එල්ල කළ හැකිය. විකුණුම් සමාජයෙන් පසුව නිෂ්පාදන පිළිබඳ පාර පාරිභෝගික විශ්වාසය බිදවැටීම් නිසා පාරිභෝගිකයා මත පදනම් වන විකුණුම් ක්‍රමයක් හා හඳුන්වා දීමට විය. සමාජය තුළ අලෙවිකරණ යන සංකල්පය ගොඩ නැගෙනුයේ මේ සමගයි. මේ මූලික අර අරමුණ පාරිභෝගිකයා තුළ  විශ්වාසනීයත්වය ඇති කිරීමයි. ඒ සඳහා නිෂ්පාදන සමාගම් නොයෙක් දේ අනුගමනය කරනු ලැබේ.

අලෙවිකරණයේ පියා ලෙස හැදින්වෙන මහාචාර්ය Philip Kotler දක්වනුයේ අලෙවිකරණය යනු ඒක පුද්ගල කණ්ඩායම් හා වටිනාකම් ලෙස භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයන් අතර පත් කිරීමේ සමාජ ක්‍රියාවලියයි. 


No comments