TOP POSTS

THE DIFFERENCE BETWEEN MARKETIING AND SELLING

 


අලෙවිකරණය හා විකිණීම අතර  වෙනස


විකිණීමේදී මූලික වශයෙන් අවධානය යොමු කරනුයේ ඒ සඳහා භාවිත කළ හැකි   උපක්‍රම හා  ක්‍රමෝපාය පිළිබඳවයි. එහිදී ලාභය ඉපයීම විකිනීමේ  මූලික අරමුණවේ. නමුත් අලෙවිකරණය සම්පූර්ණයෙන්ම පාරිභෝගික අවශ්‍යතා  හඳුනාගෙන ඒ සඳහා නිර්මාණශීලීව  නිෂ්පාදනයන් කිරීම හා පාරිභෝගික තෘප්තිය ඇති කරන අයුරින්  කටයුතු කරයි. 

අලෙවිකරණය යනු වෙළෙඳ හා පාරිභෝගිකයා යන දෙදෙනාම තෘපෘප්තිමත් කිරීමේ ව්‍යාපාරයකි. මෙම අලෙවිකරණ ක්‍රියාවලිය තුළ පාරිභෝගිකයාට වට්ටම් ලබා දීම, දීමනා ලබා දීමමහා පරිමාණයේ ගනුදෙනු කරන පාරිභෝගිකයන් හට අවුරුදු සුභ පැතුම් පත්  යැවීම ආදිය සිදු කරනු ලබයි.


බොහෝවිට අලෙවිකරණය තුළ භාණ්ඩ කල් ඉකුත් වීමට ආසන්න අවස්ථාවටවේදී නිර්මාණාත්මක ක්‍රමෝපායන් ඔස්සේ අලෙවිකරණය කිරීම කටයුතු කරයි.මෙහිදී එක් භාණ්ඩයක් මිලට ගත් විට තවත් එවැනි භාණ්ඩයක් නොමිලේ ලබාදීම, භාණ්ඩයක් මිලට ගත් විට රුපියල්  දහයක විස්සක මිල සහනයක් ලබා දීම ආදිය සිදු කරයි. බොහෝවිට ඉහළම මට්ටමේ  සමාගම්වල පිළිගැනීමේ නිලධාරියෙක් දැකගත හැකිය. මේවා කළමනාකරණ ක්‍රියාවලිය තුල සුවිශේෂී ලක්ෂණයන් ය.

No comments