TOP POSTS

LINGUISTIC DIVERSITY


භාෂාමය විවිධත්වය

විශ්වය එකිනෙකට සම්බන්ධ කර කරගෙන එකෙක් වෙනත් ජාතීන් අතර පවතින විවිධරූපීය තාවයන් වලින් තොරව සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මූලිකතම අඩිතාලම වනුයේ භාෂාවයි. භාෂාව වූ කලී පුද්ගල ආකල්ප සමාජගත කරන මෙවලමකි. භාෂාවේ භාවිතය තුළ පවතින විවිධරූපීයත්වය පදනම් කරගෙන එහි වූ විවිධත්වයෙන් යුතු රස නිෂ්පාදනයය සිදු කරනු ලබයි. භාෂාව වනාහි පොදු මෙවලමකි.එය පරිහරණය කරන ආකාරය භාවිතයේ විවිධත්වය හා පරිහරණ විවිධත්වයේ මත පොදු භාවයෙ ස්වරූප විවිධත්වයෙන් යුතුව නිරූපණය වේ.

එහිදී භාෂාව පදනම්කර ගෙන කොටස් දෙකක් යටතේ වර්ග ගත කිරීමක් සිදුකළ හැකිය.

1.වාර්තාවක්
2. නිර්මාණශීලී ලේඛනයක්

එහිදී වාර්තාවක් ලෙස නිර්වචනය වනුයේ කිසියම් වූ සිද්ධිදාමයක්  තුළ පවතින ප්‍රවෘත්තිමය අර්ථය නොනසමින් ඒ ආකාරයෙන්ම එකී සිද්ධිය වාර්තා කිරීම එසේ නැතිනම් ඉදිරිපත් කිරීමයි. මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ පවතින යම් දෙයක් ගොඩනගාගත් ක්‍රමවත් වූ නිශ්චිත රාමු රාමුවක් යටතේ නිරූපණය කිරීමයි. 

වාර්තාවක් හා නිර්මාණශීලී භාෂාවේ වෙනස්කම් වල  ස්වරූපය අනාවරණය කරගත හැකි වනුයේ ද භාෂාවේ ස්වරූපය මතමය.  වාර්තාවක අඩංගු තොරතුරු ඉදිරිපත් කිරීමේදී එයට උචිත වූ නිශ්චිත සැලැස්මක් ඇත. ඒ  W5 H1 සංකල්පය වේ.  එනම්

1. Who
2. Where
3. Why                                   
4. What
5. When
6. How

යටිකුරු පිරමීඩාකාර ආකෘතිය ලෙසයි. එසේම අනාවරණය කරගනු ලැබූ නිශ්චිත පුවත්  වටිනාකමින් යුක්ත තොරතුරු ඉදිරිපත් කිරීම සංවිධානාත්මක වීම අතිශයින් වැදගත්ය. එහිදී වැදගත් වනුයේ යටිකුරු පිරමීඩ සංකල්පයයි. මෙම යටිකුරු පිරමීඩ සංකල්පය හරහා අදාල ප්‍රවෘත්තිය සමාජගත කිරීමේදී වඩාත් උචිතම හා අවබෝධාත්මක වටිනාකම කෙරෙහි ප්‍රමුඛතම අවධානයක් යොමු කරනු ලබයි. මෙහිදී වඩා ඉහල වැදගත් වටිනාකමින් යුත් තොරතුරු මුලින් වාර්තා කරන අතර වැදගත්කමින්  අවම තොරතුරු පසුව වාර්තා කරනු ලබයි.

No comments