TOP POSTS

STRATEGIC COMMUNICATION


උපායමාර්ගික සන්නිවේදනය ලෙස උසස් උපායමාර්ගික මහජන සම්බන්ධතාවය

අලෙවිකරණය සම්බන්ධයෙන් මූලිකම අර්ථ   විවරණය ඉදිරිපත් කරනු ලැබුවේ පිලිප් කොට්ලර් විසිනි. ඒ අනුව අලෙවිකරණ ක්‍රියාවලිය ලෙස අර්ථ විවරණය වනුයේ කිසියම් වූ ව්‍යාපාරික ක්‍රියාවලියකි. ව්‍යාපාරයක් තුල මූලික ඉලක්කගත කොට්ඨාසය වනුයේ පාරිභෝගික ප්‍රජාවය. අලෙවිකරණයේ  ප්‍රධානතම ඉලක්කය වනුයේ පාරිභෝගිකයන්ය.එහි පාරිභෝගිකයින් උපරිම වශයෙන් තෘප්තිමත් කිරීම අතිශයින් වැදගත්ය. එහිදී වඩාත් වැදගත් වනුයේ පාරිභෝගිකයා යනු කවුරුන්ද යන්නයි. ඒ හරහා අලෙවිකරණ වෙළඳපල ඛණ්ඩනය කළ හැකිය. අලෙවිකරණයේ පොදු මූලික පරමාර්ථය වනුයේ තමාට උපරිම ලාභයක් ලැබෙන පරිදි මෙන්ම තමාගේ පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත් කිරීමය. 

  • ක්‍රමෝපායික

සාර්ථක ඵලදායි මහජන සම්බන්ධතාවය යනු ක්‍රමෝපායික දෙයකි. එනම් එයට නිශ්චිත අභිප්‍රේතාර්ථය තිබේ. ප්‍රසිද්ධිය මහජන සම්බන්ධතාව තුළ භාවිතා කරනුයේමානව හිත හිතවාදී හිතකර එනම්  ප්‍රසිද්ධිය ආයතනයේ සංවිධානමය අරමුණු වලට අනුකූලව මෙහෙයවිය යුතුය.

යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම්කට පූර්ව මග පෙන්වීම  සලස්වනු ලැබේ. තවද ක්‍රමෝපාය යනු සැලැස්මක් මෙන්ම සැලැස්ම ප්‍රායෝගික ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව පෙන්වා දක්වන ලේඛනයකි.
  • උපක්‍රම
ක්‍රමෝපායන්  ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමට භාවිතා කරන සරල ක්‍රමයන්  උපක්‍රම වේ. ක්‍රමෝපායයන්  ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම්  අතර ප්‍රවෘත්ති, blog, අත් පත්‍රිකා, websites, මහජන  සම්බන්ධතා උපක්‍රම මගින් ක්‍රමෝපායන් සාර්ථක කරගත හැක. එනම් යම් මහජන  සම්බන්ධතා ප්‍රචාරණ වැඩසටහන් වඩාත් උචිත සාර්ථක න්නිවේදන මාධ්‍ය කුමක්ද යන්න මෙයින් හඳුනාගත් හැකිය. 
  • ඉලක්ක
මහජන  සම්බන්ධතා වැඩ වැඩසටහන්  මගින් අවසානයේ අත්පත් කරගන්නේ කුමක්ද යන්න මෙයින් දැක්වේ.
  • අරමුණු
ඉලක්කයන් සුවිශේෂී කොට දැක්වීම මෙහිදී සිදුවේ. තවද මෙහිදී මහජන සම්බන්ධතා වැඩසටහන් මගින් අත්පත් කරගනුයේ වඩාත් ව්‍යුහගත ආකාරයෙන් දක්වනු ලැබේ. එහිදී අරමුණු මැනිය හැකි ආකාරයෙන් සැලකිය හැකිය. අරමුණු ප්‍රධාන දෙකකි.

1. ක්‍රියාවලිය අරමුණු
2. ප්‍රතිඵල අරමුණු

ක්‍රියාවලිය අරමුණු තුළ මහජන සම්බන්ධතා   ක්‍රියාකාරකම් ප්‍රායෝගික කිරීමේදී හා සකස් කිරීමේදී ඇතුලත් ආනුශාංශික පියවරයන් දක්නට ලැබේ. ප්‍රතිඵලමය අරමුණු තුළ මහජන සම්බන්ධතා  ක්‍රියාකාරකම සාර්ථක වූවාද නැද්ද යන්න පිළිබඳව දක්වනු ලැබේ.

ප්‍රතිඵලමය අරමුණු සකස් කිරීමේදී බලාපොරොත්තුව වන වෙනස ප්‍රතිඵලාත්මකව සුවිශේෂීව දැක්විය යුතුය. මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම අදාල ඉලක්කගත මුළු වැඩ ප්‍රමාණය දක්වනු ලැබේ.

මහජන සම්බන්ධතා ක්‍රියාකාරකමක්  අවශ්‍ය කුමන වෙලාවකට ද

 1. ආයතනයකට තර්ජනයක් වන පරිදි යම් ගැටලු ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ විට

 2. ආයතනයකට වාසිදායක අන්දමේ යමක් අත්පත් කර කරගැනීමට අවස්ථාවක් ඇති වූ විට 

 

No comments