TOP POSTS

EVOLUTION OF ADVERTISING


දැන්වීම්කරණයේ විකාශනය

දැන්වීම්කරණය යනු  තොරතුරක් ඉදිරිපත්  කිරීමයි. මිනිසුන් දැන්වීමක් ඉදිරිපත් කිරීම  ආරම්භ කරනු ලබන්නේ ගෝත්‍රික සමාජයේ පටන්මය. යම්කිසි දැනුමක් තවත් කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් කිරීමේදී  ප්‍රස්තුත ගත වූ මාතෘකාව විවිධ හේතු මත වෙනස්විය හැකිය. ප්‍රාග් ඓතිහාසික යුගයේ හා පරිණාමවාදය හරහා අවබෝධ කරගත් හැකිය. එසේම යම් යම් යුගවල දී එකී ප්‍රස්තුත යනු වෙනස් වූ බව අවබෝධ කරගත හැකිය. මානවයාගේ බිහිවීම ගැන විවිධ මතිමතාන්තරයන් ඉදිරිපත්වූ මානවයාගේ සම්භවය ගැන මතවාදයන් දෙකකි.

  •  නිර්මාණවාදී මතය
  •  පරිණාමවාදී මතය

ශුද්ධවූ කුරානයේ මෙන්ම ශුද්ධවූ බයිබලයේද මෙකී නිර්මාණවාදී මතය අන්තර්ගතය. එසේම හා බ්‍රහ්මයාගේ සිරුරේ සියලු  ශරීරයන්   මානවයා බිහිවූ බව වේදග්‍රන්ථ වල සඳහන්ය. මේ සෑම සාධකයක් හරහාම තහවුරු වනුයේ මානව උප්පත්තියෙන් නිර්මාණවාදී මතයක් සපථ කරමින් බිහිවූ බවයි.

වසර සීයකට පෙර ලොව සිදුවූ දරුණු භූමිකම්පාව කින් පසුව පවතින සියලු දෑ ඝනීභවනය වීමෙන් ඒ තුළ විවිධ සුද්‍ර ජීවීන් නිර්මාණය වී එකී සංඝටකයන් හරහා පරිසර පද්ධතිය නිර්මාණය වූ බව සඳහන්ය. අප්‍රිකානු වනාන්තර වල සැවානා හා වාන්නතර ලෙස වානර කොට්ඨාසයන් දෙකක් ජීවත් වූ අතර ඔවුන් කොට්ඨාසය එකිනෙකට වෙනස් වූ අනුවර්තනයන් වලින් සමන්විත විය. වාන්නතර වානරයන් සිය පුරුදු ජීවන රටාවක් තුලම ජීවත්   වීමෙන් වාසය කළ අතර සැවනා වාන්නතර වානරයෝ විවිධ අනුරූප අනුවර්තනයට ලක් විය. ආහාර සොයා ගෙන යෑමට පවා පෙළඹිණි.  ස්වකීය අවශ්‍යතා හා වුවමනා වල්ට ගැලපෙන පරිදි අනුවර්තන වූ පරිසර පද්ධතියක් සොයා ගියේය. ඒ හරහා දැනුවත් කිරීම් නම් සාධකය ලෝකයට බිහිවිය.

ඒ අනුව දැන්වීම්කරණයේ මූලිකතම පරමාර්ථය වූයේ ම අවශ්‍යතාවන් තවත් කෙනෙකු වෙත දක්වා සිටියීමයි. මානවයාගේ  ප්‍රාථමික අවශ්‍යතා ලෙස සලකනු ලබන ආහාරජලයආරක්ෂාවලිංගික අවශ්‍යතාඇඳුම් පැළඳුම්  වැනි අවශ්‍යතා වර්ධනය වීමත් සමග වුන්ගේ සන්නිවේදන අවශ්‍යතාවන් ද ක්‍රමානුකූලව වර්ධනයය විය. ‍ක්‍රමක්‍රමයෙන් ස්වකීය දැනුවත් වීම් අනෙකාට දැක්වීම්ට තරම් වර්ධනයක් මතුවිය.

සැවානා වානරයන්ට පසුව බිහිවූ ඔරෝවරුන් හා මුමායි  වානර කොට්ඨාශයන්ගේ විශේෂත්වය වනුයේ ඔවුන් විසින් කණ්ඩායම් ගත වීමයි. එසේ කණ්ඩායම් ගත්වීමේ  ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පොදුවේ සිටීමට පටන් ගත් බව පෙනේ. එහිදී ඔවුන් සංඥා සංකේත භාවිතයට ගත්හ. එහිදී සංඥාවක හා සංකේතය වෙනස අවබෝධ කරගත් යුතුය. සංඥාවක් පංචේන්ද්‍රයන් හරහා ග්‍රහණය කරගනු ලබයි. එක් එක් වූ පුද්ගලයාට  ආවේණික සංකේත සහිතය. උදාහරණයක් ලෙස සිය මිතුරෙක් හමු විට අයෙක් පිටට තට්ටුවක් දැමීමවැළඳ ගැනීමපහක් දැමීම සිදුකරයි. එකී පෞද්ගලික සංඥාවන් දිගුකාලීනව භාවිතය තුළින් ඒවා පොදු සම්මුතියක් වූ සංඥා බවට පත්විය. අත් දෙක එකතු කර වැඳීම. දෙවියන් අසල විවිධ සංකේත පදනම් කරගනිමින්  දොහොත් මුදුනින් දී වැදීමඅත් දෙකඑකට එකතුකර එකක් පස කිරීම හඳුනාගත් හැකිය.

සංඥා ලෙස පැවැති දේවල් සංකේත ලෙස භාවිතය කණ්ඩායම් ගත්ව ජීවත්වීමේදී සිදුවිය. ඒ හරහා දැන්වීම්කරණයට නතුවිය. කණ්ඩායම්ගත ව ජීවත් වූ හෝමෝ ඉරෙක්ටස් වැනි මානව වර්ගයා හඳුනාගත් හැකිය. ඉන්පසු   වසර   50,000 ට පමණ පෙර හමුවන නියැන්ඩර්තාල් මානවයා පොදු වශයෙන් තමන්ට දැනෙන හැඟෙන දේවල්   තම දහස් ගණනක් ඒව වාසීන්ගා වාසීන්ගේ දැනුවත් භාවය උදෙසා සටහන් කිරීමට පෙළඹිණි.  ගල් ගුහා චිත්‍ර ලෙස නාමකරණය වූයේ ඒවාය.  මුල්ම අයුරින් ගුහා චිත්‍ර නිර්මාණයට පෙලඹුණේ මෙම නියැන්ඩර්තාල් මා මානවයා ය. ලේ තැවරුණු අත බිත්තිය මත ගැවීමත් සමඟ විවිධ හැඩති රූ මතුවී පෙනෙන්නට වූ බැවින් ඒ අයුරින් තමා දකින සියලු දේවල් රූපයට නැගීමට ඔවුන් පෙළඹිණි. (දඩයම්  කිරීමසතුන් දිවීම)

ස්කොට්ලන්තයේ අල්ටමේරා ගුහාවේ බයිසන් ගවයන් ගේ කකුල් අටක් ලෙස දක්වා ඇත. ඔවුන් චලනය වන බව පෙන්වීමටය. සජීවී සිනමාවේ ආරම්භය ද ඒ බව පැවසේ. තමා ද දකින සෑම දේ දෙයක්ම සජීවීව නිර්මාණයට පෙළඹිණි. ලංකාවේ නම් දිඹුලාගලතන්තිරිමලේතෝනිගලනියැන්ඩර්තාල්   මානවයාගේ විවිධ ආකාර උත්සාහයන් හඳුනාගත් හැකිය.

දැන්වීම්කරණයෙදී හඳුනාගත හැකි තවත් සාධකයක් ලෙස මාධ්‍ය නිරූපණයන් හඳුනාගත් හැකිය. (අත් පත්‍රිකා,  ටීවී, billboard, දැන්වීම්) නමුත් දැන්වීම් විවිධ මාධ්‍යයන් හරහා විවිධ නිරූපණයන් කිරීම් හඳුනාග ගත හැකිය. එසේ වීමට හේතුව නම් විවිධත්වය පදනම් කරගෙන දැන්වීම් නිර්මාණය කිරීමයි. එක් එක් ග්‍රහක මට්ටම් වල විවිධත්වය පදනම් කොට දැන්වීම්නිර්මාණය සිදුවේ. පන්සලේ   හාමුදුරුවන් දහම් දෙසීම් පවා  සිදු කරනුයේ ග්‍රහක කොට්ඨාසය මතය. එසේම බණ දේශනාවේ ද යම් යම් වෙනස්කම් (බණ කතාජාතක කතාසමාජ සිද්ධි)  නිර්මාණය විය. එයට හේතුවූයේ එක් සංස්කෘතීන්ගේ පවතින විවිධත්වයයි. (පල්ලියේ පියතුමා) ඒ හරහා තරුණ තරු තරුණියන් ආකර්ෂණය කරගත හැකි විය. දැන්වීම්කරණය වුවත් එකේ එක් ග්‍රහක කොට්ඨාසයක් ආකර්ෂණය වැදගත්ය. හුදු අඟපසඟ සෙලවීම නෘත හරහා එයට රිද්මයක් කාලයක් හැඟීම් එක්වීම හරහා   නෘත්‍යනාට්‍ය බිහිවීම සිදුවිය. නාට්‍ය අනුකරණය මත බිහි විය. දැන්වීම්ක් ඉදිරිපත් කිරීමේදී වුවත් ඒ ඒ කාල පරාසයන්ට මෙන්ම සීමාවන්ට ගැළපෙන අයුරින් දැන්වීම් නිර්මාණය වේ. ඒ අනුව දැන්වීම්කරණය පුද්ගල අවශ්‍යතා මත අවශ්‍ය විය.

වසර විසිදාහකට පෙර මේහා නියැන්ඩර්තාල් මානවකයා වඳ වී හෝමෝ සේපියන්ස්ලා බිහිවිය. ක්‍රමයෙන්  දියුණු තත්වයකට ඔවුන් ජීවත් විය. නමුදු කිසිදු විටෙක හෝමෝ ඉරෙක්ටස් මානවයාට හෝමෝ සේපියන් සමඟවත් නියැන්ඩර්තාල් මානවයාට ඉරෙක්ස් සමග ලිංගිකව එකතු විය නොහැකි විය. ඒ ඔවුන්ට ආවේණික වෙනස්කම් සහිත වූ බැවිනි. කෙසේ වුවත් බොහෝ මතයක් වනුයේ මානව කොට්ඨාසයක් විනාශ කරමින් තවත් මානව කොට්ඨාසයක් බිහි වූ බව ය. කෙසේ වුවත් සේපියන්ස්ලාගේ මානුෂික ප්‍රජාව ක්‍රමයෙන් වර්ධනය විය එහි ප්‍රතිඵලයක් නායකයාට පොදුවේ සම්බන්ධතා පැවැත්වීමට නොහැකිවීම මත අතරමැදියෙක් බිහිවිය. මහජන සම්බන්ධතා නිලධාරියා යන සේවය බිහිවුණේ ඒ හරහා ය. එසේම එය හා බැඳුණු පූජක පක්ෂය ද බිහිවිය. උදාහරණ ලෙස නයිල් නිම්න ශිෂ්ටාචාරයේ ඊජිප්තු බිමෙහි කැටයම්,  මිමින් ලොවට පෙන්වා ඇත්තේ පාලක පන්ති අවශ්‍යතාවයගුටෙන්බර්ගේ මුද්‍රණය යන්ත්‍රය පවා පූජක හා පාලක පන්තිය අවශ්‍යතාවයකි.

කාර්මිකකරණයේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳ පන්ති බිහිවිය. එහිදී රජයත් වෙළෙඳ පොළත් මාධ්‍ය කර්මාන්තයත් බිහිවූ අතර අලෙවිකරණ පාලනය වීම් ඒ හරහා සිදුවිය. අලෙවිකරණ අවශ්‍යතා මත දැන්වීම්කරණය බිහිවිය. ජනමාධ්‍ය බිහිවිය. සේම නව මාධ්‍ය පවා බිහි වුණේ ඒ හරහා ය. එහිදී ජනමාධ්‍ය තුළ පෞද්ගලික් මෙන්ම රාජ්‍ය ලෙස කොටස් දෙකක් සහිත වූ අතර එහි දී රාජ්‍ය අංශ අවශ්‍යතා රාජ්‍ය නාලිකා හරහා ද පොදු ජනතා අවශ්‍යතා පෞද්ගලික් ආයතන හරහා ද සිදුවිය. එහිදී දැන්වීම්කරණය ද  නිර්මාණය විය. පොදු මාධ්‍ය හරහා සිය හැඟීම් ප්‍රකාශනයට පවා ඔවුන් පෙළඹිණි. පුවත්පත්ක පළවන නොවන ලිපියක් පවා FB හි පළකළ හැකිය. මේ අයුරින් දැන්වීම්කරණයේ විප්ලවීය වර්ධනාත්මක යුගාවලි පසු කළ බව අවබෝධ වේ. 

No comments