TOP POSTS

HISTORICAL STATION OF PUBLIC RELATION

 


මහජන සම්බන්ධතාවයේ ඓතිහාසික සන්ධිස්ථාන


ඕනෑම විෂයක ඉතිහාසය හැදෑරිමෙන් අප ලබා ගන්නා දැනුම ඔස්සේ එම විෂයේ ප්‍රායෝගික ක්ෂේත්‍රය පෝෂණය කිරීමටත් භාවිතයට ගැනීමටත් හැකියාව ලැබේ. ඒ අනුව මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය හැදෑරීම තුළින් එහි ප්‍රභවය ව්‍යාප්තිය භාවිතය පැහැදිලිව හදුනාගත හැකිය. මහජන සම්බන්ධතාවය අතීතයේ ඒ ඒ රටවල සමාජ සංස්කාතියේ ප්‍රබල සමාජ අවශ්‍යතාවක් වූයේ කෙසේ ද එමෙන් ම එම කාල සීමාවන් තුල වර්ධනය වූයේ කෙසේ ද ක්‍රමක්‍රමයෙන් එය විද්‍යාත්මක පදනමක් යටතේ ගොඩනැගුනේ කෙසේ ද සහ වර්තමාන සමාජය තුල විද්‍යාත්මක පදනමක් යටතේ භාවිතයට ගන්නේ කෙසේ ද යන ආදී මූලික කරැණු ඔස්සේ මෙම විෂය හදුනාගත හැකි ය. මහජන සම්බන්ධතා විෂය හැදෑරීමේ දී Ivy – Lee සහ එඩ්වඩ්.එල් බර්නීස් යන පුද්ගලයන් දෙදෙනා වැදගත් වේ. මෙම විෂය පිළිබදව වඩාත් කැපී පෙනෙන අධ්‍යනය සාධකයක් ලෙස 1952 එඩ්වඩ්.එල් බර්නීස් විසින් රචිත Public Relations නැමැති කෘතිය හදුන්වා දිය හැකිය. Ivy – Lee සහ එඩ්වඩ්.එල් බර්නීස් යන දෙදෙනාගේ පර්යේෂණ වලින් පැහැදිලි වන්නේ මහජන සම්බන්ධතාවයේ මුලික ලක්ෂණ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට පැවැත එන බවයි. මහජන සම්බන්ධතාවය පිළිබද මූලිකත්වය ගනු ලැබූ N.S.B Gras (එන්.එස් බී ග්‍රේස්), Eric Goldman (එරික් ගෝල්ඩ්මන්) යන දෙදෙනා විසින් ද කුඩා ප්‍රමාණයේ කෘති දෙකක් ඉදිරිපත් කර ඇත. එමෙන් ම බර්ටන් රසල් ගේ Wisdom of the west කෘතිය තුළ සදහන් කර ඇත්තේ ග්‍රෝත්‍ර අවධියේ සිට ම මහජන සම්බන්ධතාවයේ මූලික ලක්ෂණ දක්නට ලැබෙන බවයි. ඔහු ප්‍රකාශ කරන පරිදි මෙම කාල පරිච්ඡේදය තුළ ඒක මාධ්‍ය සන්නිවේදනය ක්‍රමයෙන් ක්‍රියාත්මක වූ නිසා මහජන සම්බන්ධාතාව සියයට සියයක් ක්‍රියාත්මක නොවුනු බවයි. එයට ප්‍රධාන හේතුව වන්නේ ග්‍රෝත්‍රික නායකයා තුළ පැවැති අත්තනො මතික අදහස් ආකල්ප පාලන ක්‍රමවේදය බව බර්ටන් රසල් පෙන්වා දි ඇත. අතීතයේ නායකයා සහ මහජනතාව අතර රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබදව විවෘත සංවාදයක් නොතිබුණි. එකල පාලකයාට තම අදහස් ආකල්ප ජනතාව වෙත ඉදිරිපත් කිරීමට තිබූ අවශ්‍යතාවය ප්‍රබල වුව ද මහජනතාවගේ ආකල්ප සහ අදහස් තමා වෙත ලබා ගැනීමට එතරම් උනන්දුවක් දක්වා නැත. කෙසේ නමුත් ඉපැරණි සමාජයේ පාලකයා විසින් සිය අදහස් මහජනතාව වෙත ලගා කරවිමටත් මහජනතාවගේ අදහස් තමා වෙත ලබා ගැනීමටත් සහ තමන්ට අවශ්‍ය නිතිමය උපදෙස් ලබා ගැනීමටත් විශේෂ නිලධාරීන් පිරිසක් පත් කර ගෙන සිටි බව මහජන සම්බන්ධතා ඉතිහාසය හැදැරීමේ දී හදුනාගත හැකි ය. 
ඔවුන් තෝල්කයන් එසේ නැතහොත් Talking Chief නමින් හදුන්වා ඇත. මෙම පුද්ගලයා මහජන සම්බන්ධතා නිලධාරියා ලෙස හදුන්වා දිය හැකිය. සමාජයේ දිවුණුවත් සමග තෝල්කයන්ගේ කාර්යභාරය ප්‍රමාණවත් නොවුණි. මෙය විද්‍යාත්මක පදනමක් යටතේ නිර්මාණය නොවුණි. ඒ අනුව පැරණි මිසර සමාජය පිළිබදව අධයනය කිරීමේ දී මහජන සම්බන්ධතා නිලධාරීන්ගේ ස්වරෑපය රැගත් වඩාත් ප්‍රමාණවත් පුද්ගලයෙක් හමු වේ. ඔහු සරීබ් (Suribe) නමින් හදුන්වා ඇත. මිසරයේ පරාවෝ පෙළපත ඔවුන්ගේ රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබද මහජනතාව ලෙස අදහස් ඉදිරපත් ආකල්ප තමා වෙත ලබාගැනිමටත් මොවුන් කටයුතු කළේ ය. විශේෂත්වය වන්නේ මොවුන් පූජක පිරිසක් වීමයි. මෙම පූජක පිරස ලේඛන කලාවේ අති දක්ෂයින් වූ අතර මහජනතාවගේ ගරැබුහුමන් ලැබූ පිරිසක් විය. 
රජුගේ අදහස් මහජනතාවට වෙත දැනුම් දීමට ජනතාවගේ අදහස් රජුන් වෙත ලගා කරවීමටත් මහජනතාව හා සම්බන්ධ වන මෙම දූතයන් න්‍යායන් ද භාවිතා කළේ ය. So was it Saied (මහවාස විසින් මෙසේ වදාරන ලදී) So was it written (එය ඒ අකාරයෙන් ම ලේඛනගත කරන ලදී) So shall it done (එය ඒ අකාරයෙන් ම ක්‍රියාත්මක කල යුතුය) මෙම පූජක පිරිස මහජන මතය සන්විධානය කිරීමට මූලික විය. පුරාන ඉස්ට්‍රල්ය පාලක පිරිසක් පාලකයන් සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනැගීමට Prophets නමින් හදුන්වන ලබන පිරිසක් මූලික වී ඇත. මොවුන් සරීබ් (Suribe) පූජකයන්ට වඩා දක්ෂ පිරිසක් විය. මොවුන්ගේ පාලන ක්‍රියාවලිය අසාර්ථක වුයේ නම් ඊට හේතු වූයේ පාලකයන්ගේ දැඩි ප්‍රතිපත්ති බව හදුනාගත හැකිය. මහජන සම්බන්ධතාවයේ අතීත නිලධාරීන් හදුනාගැනීමේ දී මීළගට වැදගත් වන්නේ Publicist නැමැත්තාය. ඔවුන් පූජක පිරිසක් නොවුන ද ඒ හා සමාන දක්ෂතාවයෙන් යුතුව තම කාර්යයන් සිදු කළේ ය. රාජකීය පාලන සමය තුළ පැනනගින්නාවූ ආරවුල් විරෝධතා මෙන් ම මානව අයිතීන් විනිශ්චය කිරීම සදහා එංගලන්තයේ Load chancer (ලෝඩ් චාන්සර්) නමින් අමාත්‍යවරයෙක් රජු විසින් පත් කරයි. ගැටළු වලින් තොරව රාජ්‍ය පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා රජය සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනැගීම මෙම අමාත්‍යවරැන්ගේ කාර්යභාරය විය. මහජන සම්බන්ධතාව වර්ධනනය කිරීම සදහා ලොඩ් චාන්සර් නම් අමාත්‍යවරයා මුලිකත්වය ගත්තේ ය. මේ අනුව පැහැදිලි වන්නේ රජු සහ මහජනතාව අතර අදහස් හුවමාරැ කරගනිමින් මහජන සම්බන්ධතාව ගොඩනැගීම සදහා අතිතයේ සිට ම පූජක පක්ෂයේ සහයෝගය ලැබී ඇති බවයි. වර්තමාන තුළ ද පාලකයා සහ ජනාතාව අතර හොදහිත වර්ධනය කිරීමට පූජක පක්ෂය කිසියම් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක නියතවන බව හදුනාගත හැක. 
මෙතෙක් අප සාකච්ඡා කළේ මහජන සම්බන්ධතාව හා බැදෙන ඓතිහාසික සන්ධිස්ධානයන් පිළිබදවයි. මීළගට අපගේ අවධානය යොමු විය යුත්තේ වර්තමානය දක්වා මහජන සම්බන්ධතාවයේ වර්ධනය සිදු වූ අකාරය සොයා බැලීම කෙරෙහි ය. වර්තමානයේ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය තුල දක්නට ලැබෙන විද්‍යාත්මක ස්වරෑපයේ වර්ධනයට මුලින් ම අඩිතාල ම වැටෙන්නේ විසිවන සියවසේ ආරම්භයේ සිට ය. ක්‍රමානුකූල හෝ සංවිධානාත්මක හෝ වෘත්තීමය වශයෙන් වර්තමානවූත් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක පුරෝගාමී රට වශයෙන් හදුන්වාදිය හැක්කේ ඇමරිකාවයි. වෙනත් රටවලට වඩා ශීග්‍ර වේගයකින් ඇමරිකාව තුල මහජන සම්බන්ධතාව ක්‍රියාත්මක වන්නට වේ. 
ලෝකයේ බොහෝ රටවල් මහජන සම්බන්ධතාව හා බැදෙන්නේ කාර්මිකරණයට හසුවීමෙන් පසුවයි. කාර්මිකරණයට පසුව ලෝකයේ බොහෝ රටවල් සිය ආර්ථික ප්‍රතිපත්තීන් ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ දී ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම සදහා මහජන සම්බන්ධතාව බෙහෙවින් භාවිතයට ගන්නට වේ. එමෙන් ම එහි වැදගත්කම නිසා ම මහජන සම්බන්ධතාවට අදාල පුද්ගලයින් පමණක් නොව ආයතන ද විසිවන සියවසේ ආරම්භයේ දී දැක ගත හැකිය. 1904 Ivy –Lee නම් ඇමරිකානු පුවත්පත්වේදියා,ඇමරිකාවේ නිව්යොක් නගරයේ ප්‍රථම වරට මහජන සම්බන්ධතා කාර්යාලයක් ආරම්භ කරන ලදී. ඔහු ප්‍රකාශ කල පරිදි එම කාර්යාලයේ අරමුණු වුයේ වෙළද ව්‍යාපාර සහ පොදු ආයතන පිිළිබද තොරතුරැ ඇමරිකානු ජනතාව සහ ඇමරිකානු පුවත්පත් වෙත විවෘතව හා අවංකව ම සැපයීමයි. එමෙන් ම Ivy –Lee විසින් විවිධ වෘත්තිකයන් සහ ආයතන අතර මතුවන ගැටළු අධ්‍යනය කොට ඒවා විදීම සදහා ද තම කාර්යාලය තුලින් පියවර ගෙන ඇත. එහි දී සේවකයින්ගේ අයිතිවාසිකම් සහ ආයතනයේ අරමුණු අතර සමානුපාතිකව බවක් හා සාධාරණ බවක් අවශ්‍ය යැයි ප්‍රකාශ කල ඔහු ආයතන සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඇති වැදගත්කම ද පැහැදිලි කොට ඇත. ඇමරිකාවේ විවිධ ආයතනවල විවිධ වයාපාරවල විවිධ ප්‍රවාහන සේවා තුල ගැටළු සහ විශ්වාසය බිදවැටීම සමතයකට පත් කිරීම සදහා ඔහු කටයුතු කොට ඇත. 1906 දී ඇමරිකාවේ ගල් අගුරැ කර්මාන්ත ශාලාවක ඇති වූ අරගලය සමතයකට පත් කිරීම සදහා සහ එම කාල සීමාව තුල ම පෙන්සිල්මෙනියාවේ සිදු වූ දුම්රිය අනතුරක් නිසා දුම්රිය සේවාව පිළිබදව ජනතාව තුළ ගොඩනැගුනු විරෝධාවය සමතයකට පත් කිරීම සදහා ද ඔහු කටයුතු කොට ඇත. 
මේ අනුව බලන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මහජන සම්බන්ධතා ක්‍රියාවලිය විසිවන සියවසේ ප්‍රභවය වන අතර එහි පුරෝගාමී පුද්ගලයා ලෙස Ivy –Lee විසින් ගෞරවය හිමි කර ගනී. ඔහුගේ කාර්යය වුයේ මහජන සම්බන්ධතා විෂය බොහෝ ශිල්ප ක්‍රම හා න්‍යාත්මක මූල ධර්ම වලින් පරිපූර්ණ කිරීමයි. ඒ නිසා විසිවන සියවසේ දෙවන දසකයේ ආරම්භවනවාත් සමග ම මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක් ද ඔහුගේ කාර්යභාර්ය කුමක් ද යන්න පිළිබදව නිරවුල්ව පැහැදිලි අදහසක් Ivy –Lee ගේ කාර්යභාර්යන් වලින් ප්‍රකට විය. 
1900 – 1950 කාල පරිච්ඡේදය තුල මහජන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය වීමේ දී වඩාත් කැපී පෙනෙන පුද්ගලයන් ලෙස John D Rockerfellar හා J.B Morgan යන දෙදෙනා මහජන සම්බන්ධතාව ප්‍රයෝගිකව හා න්‍යාත්මකව ක්‍රියාත්මක කිරීම සදහා දැඩි වගකීමක් කටයුතු කල පුද්ගලයන් දෙදෙනෙකු ලෙස හදුන්වා දිය හැක. ප්‍රථම ලෝක සංග්‍රාමයත් සමග එම යුද්ධය අවසන් කිරීමට මෙන් ම යුද්ධයේ දී බිහි සුනු බව අවබෝධ කර ගැනීමත් වැනි තේමාවන් මෙහි දී මූලික විය. ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් පුළුල් ජන මතකයක් ද ගොඩනැගින. 1917 එවකට රාජ්‍ය බලය ඉසිලූ කොංග්‍රසය විසින් මහජන සම්බන්ධතා තොරතුරැ කමිටුවක් පිහිටුවන ලදී. එහි ප්‍රධානියා වූයේ George Creel ය. එම කමිටුව යුද්ධයට එරෙහිව මහජන මතය ගොඩනැගීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් ජනතාව පොළඹවාලීම සදහා උදෘත කිහිපයකින් භාජනයට ගන්නා ලදී. The war to end the war (යුද්ධය අවසන් කිරීමේ යුද්ධය) The war to make the world self for democracy (ප්‍රජාතන්ත්‍ර ලොව සුරක්ෂිත කිරීමේ යුද්ධය). 
මෙම ආයතනය යුද්ධයෙන් පසුව ජනතාව දේපල වෙළද සමාගම් ප්‍රතිසංස්කරණය කිරීම සදහා මහජන සම්බන්ධතා ප්‍රබල අවියක් ලෙස භාවිතයට ගන්නා ලදී. 
1919 දී මහා බිත්‍රානය තුලට යුද්ධයෙන් ජනතාවට දයාද වූ කටුක අත්දැකීම් නැවත ඇති නොවීමට පියවර ගැනීමක් වශයෙන් 1926 දී මහජන උපදේශන මණ්ඩලය නමින් මහා මණ්ඩලයක් බ්‍රිතාන්‍යෙය් ස්ථාපිත කරන ලදී. ඒ සමග මහා බිත්‍රාන්‍ය තුල ද මහජන සම්බන්ධතා ක්‍රියාවලිය ප්‍රතිස්ථාපනය වූ අතර එම ක්‍රියාවලියේ පුරෝගාමියා ලෙස ගෞරවය හිමිකර ගන්නේ ශ්‍රීමත් ස්ටීවන් ටැලන්ස්ය. මෙය අනුව ඇමරිකාව තුල ක්‍රියාත්මක වූ න්‍යායික හා ප්‍රායෝගික මහජන සම්බන්ධතා ක්‍රියාවලිය වඩාත් ප්‍රබල තත්වයක පත්ව ඇත. ක්‍රමක්‍රමයෙන් ලෝකයේ බොහෝ රටවල මහජන සම්බන්ධතාව ස්ථාපිත විය. විද්‍යාත්මක මහජන සම්බන්ධතාව ප්‍රබවය වුව ද ලෝකයේ සෑම ශිෂ්ඨාචාරවලට සංස්කෘතීන්ට ජන කණ්ඩායම් වලට ආවේණික මහජන සම්බන්ධතා ක්‍රියාවලියෙහි මූලික ලක්ෂණ පැවැති බව අප අමතක කල යුතු නැත.

No comments